‘ No Fire Zone’ චිත්‍රපටය සිංහලට

0
158

බිත්‍රාන්‍ය ජාතික කැලම් මැක්රේ විසින්   අධ්‍යක්ෂණය කළ No Fire Zone  චිත්‍රපටය මේ වනවිට සිංහල නගා තිබේ.
ශ්‍රී ලංකාව තුළ පවතින ජනවාර්ගික ප්‍රශ්නය පසුබිම් කරගනිමින් පැවතුණ යුද්ධය හා  එහිදී සිදුවූ අමානුෂික අපරාධ මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යුද්ධය පැවති කාලය තුළ උතුරේදී සිදුකර ඇති  යුද අපරාධ පිළිබදව ජීවමාන සාක්ෂි අන්තරගත කරමින් නිපදවා ඇති මෙම චිත්‍රපටය සිංහල විස්තර ප්‍රචාරනය  සමග මුදා හැර තිබේ.
‘ No Fire Zone’ චිත්‍රපට කණ්ඩායම විසින් පසුගිය මාර්තු 10 වනදා  No Fire Zone චිත්‍රපටයේ  සිංහල නිරමාණය එළිදැක්වූ අතර මාධ්‍යවෙත නිවේදනයක්ද නිකුත් කරන ලදී. මෙම චිත්‍රපටය මිනිත්තු 26කින් සමන්විත වන අතර ‘ එමි’ සම්මානය සදහා ද නිර්දේශිතය. වසර 26 ක යුද්ධයේ දුක්බර මෙන්ම අමිහිරි ජීවිත කතාන්තර ඇතුළත් කර ඇති මෙම චිත්‍රපටය වසර 3ක පමණ අධ්‍යනකාලයකින් පසුව නිර්මාණය කර ඇති බව සදහන්වේ.
NFZ Publicity StillDirector Callum Macrae and Conservative MP Lee Scott at No Fire Zone Sinhala-version press conference on Tuesday 10 March at House of Commons