One way රථවාහන සැලැස්ම යළිත් ස්ථාපිත කිරිමට ලගදිම පියවර !

0
240

NGB meeting(7.00 am ) මිගමුව තුල අති සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වු One way  රථවාහන සැලැස්ම අන්තවාදි සුළු පිරිසකගේ මැදිහත්විම නිසා තාවකාලිකව නවතා දැමිම නිසා නගරය තුල දැන් බරපතල අර්බුදයක් නිර්මාණය වි ඇතැයි පසුගිය මිගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි පුළුල් සංවාදයකට බදුන් ව තිබුණි.
මේ අනුව අදාල අංශවල ප්‍රධානින්ගේ මුලිකත්වයෙන් ඉතා ඉක්මනින් කමිටුවක් රැස්කොට One way  රථවාහන සැලැස්ම යළිත් ක්‍රියාත්මක කිරිමය පියවර ගැනිම පිළිබදව තින්දු කොට තිබේ.
මෙම තිරණය පසුගිය රැස්විමේදි එහ සභාපති රොයිස් විජිත විසින් සභාවට දැනුම් දි තිබුණි.NGB meeting 2

මෙහිදි අදහස් දක්වා සිටි මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද පවසා සිටියේ One way  ඉවත් කිරිම නිසා දැඩි වාහන තදබදයක් දැන් නිර්මාණය වි ඇති බවය.
මෙම කරුණ පිළිබදව මෙසේ පුළුල් සංවාදයක් මතුව තිබුනේ මිගමුව සංවර්ධන පදනම විසින් එදින රැස්විමට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණ ලිපියක් පදනම් කොට ගෙනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here