one way නීතිය ඉවත් කිරිම නිසා මීගමුවේ ව්‍යාපාරිකයන්ට ගැටළු රැසක් !

0
125

IMG-20190917-WA0005නගරයක සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන්නේ එම නගරයේ ව්‍යාපාරික කටයුතුය. පාරිභෝගිකයන්ට නිදහසේ තම අත්‍යාවශ්‍ය භණ්ඩ ලබාගැනීමටත් , ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ එම අරමුණ ඉටුකරගැනීම සඳහා අදාලව කටයුතු කිරීමටත් ඉඩකඩ, නිදහස තිබිය යුතුය.
මීගමුව නගරයේ වන්වේ නීතිය ක්‍රියාත්මක වන පසුගිය කාලය තුළ පාරිභෝගිකයන්ටත්, ව්‍යාපාරිකයන්ටත් යම් සාධාරණයක් ඉටුවී තිබුනු බව කිවයුතුය . නමුත් වන්වේ නීතිය ඉවත් කිරීමෙන් පසුව මේ තත්වය වෙනස්වී ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයකට පත්වී ඇත .මේ අනුව ව්‍යාපාරික ස්ථානයන්ට ගෙනඑන බඩු බාගැනීමට හෝ පාරිභෝගිකයන්ට තමන්ගේ බඩු පටවා ගැනීමට ඉඩක් නොදී දඩකොල නිකුත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත . වාහන පමණක් නොව යතුරුපැදියක් හෝ නියමිත පැත්තේ නතර කිරීමට මේ නිසා ඉඩක් නැත . මේ තත්වය මත නීතිය අකුරටම ක්‍රියාත්මක වන නමුත් ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයටත්, අසාධාරණයටත් ලක්වන බව පැහැදිලිය .
මේ තත්වය මත ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වන්වේ නීතිය ක්‍රියාත්මක කිරීමයි . දැන් ඔවුන් ඉල්ලා සිටින්නේ කලින් සඳහන් කළ පරිදි බඩු බාගැනීම සහ පැටවීමේදී ඊට අදාල ඉඩකඩ සකසා දෙන ලෙසය.
මෙම සාධාරණ ඉල්ලීම ඉටුකරගැනීමට නොහැකි වුවහොත් එහි අහිතකර ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ ද පාරිභෝගික ජනතාවටය. එබැවින් මේ පිළිබඳව යළිත් විමසා බලා කටයුතු කරන මෙන් පොලීසියෙන් ඉල්ලා සිටිමු . එසේම මෙම අක්‍රමිකතාවය වෙනුවෙන් මැදිහත්වී නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කරන මෙන් අප මීගමුව නගරසභාවටද අවධාරණය කරන්නෙමු .පසුගිය කාලය තුල තනි අතට වාහන ගමන්කරවිමේ නීතිය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණි.එහෙත් පොලිසිය සිය මාර්ග නීති හෙට ගැලපෙන නගරයකට උචිත ලෙස සකසනවා වෙනුවෙට පිස්සන්ට හැතැප්ම නැති ගානට කටයුතු කරන අතලොස්සකගේ උවමනාව මත නගරයේ රථවාහන සැලැස්ම අවුල්කරගනිමින් සිටිති.එය සැබැවින්ම කනගාටුවකි.පොලිස් සේවය දියුණුව ගැන නුතනවාදි දෘෂ්ටියක් ඇති මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා මේ ගැන යළිත් වරක්.ගැඹුරින් සිතා බලනු ඇතැයි අප විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here