PCR එපා කියා සංචාරකයන් ඉඹලා පිළිගැනිමෙන් රට අවදානමේ ?

0
89

සංචාරක ඇමති ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරින් කල්පනා කරන්නේ ආර්ථික අරමුණු වෙනුවෙන් හැකිතාක් සංචාරකයන් ඉඹලා පිළිගන්නා ආකාරයෙන් හෝ රටතුලට කැදවා ගැනිමටය.
එහෙත් ඒ් ආකාරයෙන් කටයුතු කරන්නට යෑම නිසා මතුවෙන්නට යන බරපතල තත්වයන් ගැන අදාල විෂය ගැන දන්නා ප්‍රාඥයන් විසින් දැනටමත් විවිධ අනතුරු දැක්විම් කරන්නට පටන් ගෙන තිබේ

ඒ් අනුව විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීමෙන් රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය අමාතංශයේ නවතම මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන සහ PCR පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ඇතැම් සංචාරකයින් PCR පරීක්ෂණ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට තුළට ඒමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බවද එමගින් නැවතත් කොවිඩ් රැල්ලක් හටගත හැකි බවද වෛද්‍ය විශේෂඥයින් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ.