PCR ප්‍රථිපල පමාව,අබලන් මෘත ශරිරාගාරය නිසා මිගමු රෝහලට චෝදනා රැසක් ….

0
95

මිගමුව පිටිපන තලාහේන ප්‍රදේශවල නිවෙස්වලදිම මිය කිපදෙනෙකුගේ සිරුරු මිගමුව රෝහලට PCR පරික්ෂණ සදහා ගෙනයාමෙන් පසු ඒ ප්‍රථිපල පමාව සහ අබලන් මෘත ශරිරාගාරය තුල ඒවා තැන්පත් කිරිම නිසා ඥාතින් හට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.
මේ හේතු නිසා සිය ඥාතින්ගේ දේහයන් අවසන් කටයුතු සදහා ලැබෙද්දි ඒවා බෙහෙවින් නරක් වි තිබිම නිසා නිවසට ගෙන ඒමෙන් අනතුරුව පැය භාගයක් තුල අවසන් කටයුතු සිදුකිරිමට සිදුවු බවට ඔවුහු චෝදනා කරති.
මිගමුවේ කිසිදු දේශපාලකයෙකු රෝහලේ මෘත ශරිරාගාරයේ ප්‍රශ්ණය විසදිමට කිසිදු උත්සාහයක් නොගැනිම ගැනද මිගමුව ජනයා මේ දේශපාලකයන් හට චෝදනා කරති.