PCR පරික්ෂණ 357 ක ප්‍රථිපල මිගමුවට තීරාණාත්මකයි ?

0
84

IMG-20201202-WA0010( 9.00 am )  සති 5 ක් හුදකලා කොට තැබු මිගමුව පසුගිය සදුදා යළි නිදහස් කෙරුණද ඒත් සමගින්ම එක් දිනයක් තුලදි කොරෝනා ආසාදිතයන් 23ක් හමුවිමත් සමගින් යලිත් අවදානම් තත්වයක් නිර්මාණය වි තිබේ
ඉන් වඩාත් අවදානම් තත්වය මතුව තිබුනේ තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමය කේන්ද්‍රකොට ගෙනය.
පසුගියදා හදුනා ගැනුන 23  ක්වු ආසාදිතයන්ගෙන්   15 දෙනෙකුම කම්කරු නිවාස යෝජනා ක්‍රමයේ අයවලුන් විය.
මේ පසුබිම තුල පසුගිය 3 වනදා මිගමුවේ අවදානම් ස්ථාන 3 කදි PCR පරික්ෂණ 357 ක් සිදුකර තිබුණි. ඒ තලාදුව නිවාස යෝජනා ක්‍රමයෙන් 110 ක්,උසාවි සංකිර්ණයෙන් 112 ක්,සහ මිගමුව මහනගර සභාවෙන් 135 ක් ලෙසිනි.
මේ ප්‍රථිපල බොහෝ දුරට අද දිනයේ ලැබිමට නියමිතව ඇතැයි සෞඛ්‍ය බලධාරින් විශ්වාසය පළකරති.
කෙසේ වෙතත් මේ ප්‍රථිපල සැබැවින්ම මිගමුව තිරාණාත්මක වනු ඇත.
මිගමුව මහනගර සභාවෙන් දැනටමත් ආසාදිත රෝගින් දෙදෙනෙකුද වාර්තා වි තිබේ