Pizza Hut එකෙන් Bus Hut එකක්..???

0
124

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට නුදුරින් පිහිටි සන්විල් බේක් හවුස් වෙළද සැල ඉදිරිපිට  අලුතින් ඉදිකර ඇති පීසා හට් එක නිසා ඒ අසල තිබූ බස් නැවතුම්පලක් කඩා ඉවත්කර ඇති බවට  ජනතාව චෝදනා කරති.

මෙම බස්නැවතුුම්පල ඉවත්කර ඇත්තේ පීසා හට් එක එම ස්ථානයේ තැනීම නිසා බවද මේ වන විට ත් එම ස්ථානයෙන් ගමන් ගන්නා මගීන්ට නැවතීමට  බස්නැවතුම්පලක් එම ස්ථනානයේ නොමැත. මෙම බස්නැවතුම්පල එම ස්ථානයෙන් ඉවත්කර ඇත්තේ  කාගේ අවසරයක් මතද යන්න පිළිබදවත් ඒ අවට ජනතාව විමසා  සිටිති

.මේ පිළිබදව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසූයේ  මෙම බස්නැවතුම්පල ඉවත්කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයක්  මත බවත්  මෙසේ   ඉවත්කිරීම කිරීමට සිදුවූයේ පීසා හට් අවන්හල වෙත යාම සදහා ඇති පිවිසුම් මාර්ගය  පිහිටා තිබූණේ මෙම බස්නැවතුම්පල පිහිටි ස්ථානයේ  නිසා බවයි.

මෙම බස්නැවතුම්පල නිසා මේ වනවිටත් මගීන් පත්වී ඇති අපහසුතාවය පිලිබදව අප තව්දුරටත් විමසා සිටි අවස්ථාවේ සභාපතිවරයා  පවසා සිටියේ එම බස්නැවතුම්පල නැවත ඉදිකිරීමට පීසා හට්  අවන්හලේ හිමිකරු ද මූලික වනු ඇති බවයි.