ළුණු ගෙඩිය තුන හතරට
ලාබෙට ලැබෙන රට නාඩුව
අපේ රටේ ගොවියා ගැන
හුන්ඩුව බුදිමු හය දෙනාම
ලේකම්ලා පනිනා හැටි
එන චන්දෙ වාසිය ගැන
නොමිලේ බෙදන හැමදේමත් බදාගෙන
රට ගැන හිතමු බඩ කට හැම
දින සීයේ වෙනසට ඇස්
චින්තනයේ ඉදිරි දැක්ම
සුද්ද හවුලේ කැද හැලියේ
පවුල් සාදේ ඉදුල් බුදිමු
ජැකී නෝනගේ ලස්සන
සල්මන්ගේ බොඩි එක දෙස බලාගෙන
උන්ට ලැබෙන රස මසවුලු හිතාගෙන
ලුණුයි බතුයි කමු ටීවී
යහපාලනේ සිරිමොදිට
උඩු රැවුලේ නළුවා දෙස බකියගෙන
කලාකෙතේ ලෝන්ඩරියම බලාගෙන
හූ පතුරමු අනාගතේ