PRDA අහිමිවු නිසා ඇමති ලංසාගේ ගෝලයන්ට දැන් ”සම්තින්” නෑ?

0
92

05.-Discussion-with-Govenments-officers-Povincial-minister-Nimal-LansaPRDමෙවර බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරුන් සදහා විෂයයන් බෙදිමේදි ඇමති නිමල් ලංසා විසින් දරනු ලැබු මහා මාර්ග පිළිබද විෂය වගකීම  හිමිවුයේ නැත.මෙවර එය හිමිව ඇත්තේ උපාලි කොඩිකාර මහතා වෙතය.
පසුගිය කාලය තුල ඇමති ලංසා ඇතුළු ඔහුගේ සමිපතයන් වැඩිදෙනෙකු අයථා මුදල් ඉපයිම් බොහොමයක් සිදුකරගෙන ඇත්තේ පළාත් මාර්ග සංවර්ධනය හරහා බව ප්‍රසිද්ධ රහසකි.
ආණ්ඩු පක්ෂයේ බහුතරයක් දෙනා පවසන්නේ පලාත් මාර්ග සංවර්ධන කටයුතු ඇමති ලංසා වෙතින් ජනාධිපතිවරයා ගලවා ඇත්තේ ඒ හරහා විශාල ධනස්කන්ධයක් ඇමතිවරයා මෙන්ම ඔහුගේ සමිපතයන්ද හම්බකරගෙන ඇති නිසා විය යුතු බවය.
කෙසේ වෙතත් විශේෂයෙන්ම මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි ජිවංග මිරැන්ඩෝ මහතා සහ මහනගර සභාවේ  තාක්ෂණ නිලධාරි රන්මුතු පසුගිය වසර 4 ක කාලය තුල විශාල මුදලක් හම්බකරගෙන ඇතැයි  මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි මණ්ඩලය තුලදිම සාකච්ජාවට බදුන් වෙමින් ඇතැයි සැලය.
මීගමුව තුල විවිධ ව්‍යාපෘති නිමකිරිම සදහා යැයි කියමින් පළාත් සභාවෙන් ගෙන ඇති මුදල් වියදම් කර ඇතත් එසේ පෙනෙන වැඩ කොටසක් නැතැයි පැවසෙන අතර මේවා පිළිබදව වඩාත් විස්තරාත්මක තොරතුරු අප ඉදිරියේදි පළකිරිමට බලාපොරොත්තු වන්නෙමු.මේ අතර රුපියල් කෝටි ගණනින් තවමත් හිඟ මුදල් කොන්ත්‍රාත්කරුවන් හට  ගෙවිමට ඇතැයිද පැවැසේ.