sasha හෝටලය ගැන මීපුර හෙළිදරව්ව ඵලදරයි !

0
60

shasha 2මීගමුවේ සුපිරි පන්නයේ ආපනශාලවක් වන sasha හෝටලයේ ඇනවුම් කොට පිටතට ගෙන යන ආහාර පාන සදහා හොදි සහ ව්‍යාංජන බහාලන ප්ලාස්ටික කප් වර්ග දුවිල වලට නිරාවරණය වන ලෙසින් අතුරා තිබිමේ ඇති සෞඛ්‍යමය අවධානම අප මීට සති තුනකට ඉහතදි පෙන්වා දි තිබුනද ඒ සදහා නිසි පියවරක් ගැනිමට අදාල බලධාරින් අපොහොසත්ව තිබුණි.
එබැවින් මේ පිළිබදව ඡායාරූපමය සාක්ෂිද සමගින් අපි මේ පුවත ඊයේ වෙබ් අඩවියේ පළකළෙමු.
ඒ පිළිබදව එම හෝටලයේ හිමිකරුගේ ප්‍රකාශයක්ද සටහන් කිරිමට අප උත්සාහ කළද කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් ඊට ප්‍රතිචාර ලැබුනේ නැත.
එහෙත් අප අද දිනයේ එහි හිමිකරු වන අජිත් මහතා ඇමතුවෙමු.
අපගේ දුරකථන ඇමතුමට ඔහු පිළිතුරු දුන්නේම නොසතුටිනි.
අප මතුකර ඇති ආකාරයෙ සෞඛ්‍යමය අවධානමක් ඔහුට නම් පෙනෙන්නේ නැති බව කියා සිටි ඔහු අපගේ ඡයාරූපමය හෙළිදරව්වද බොරුවක් යැයි කියන්නට තරම් දුර ගියේය.
ඔහු කියන්නට උත්සාහ කළේ එය වෙනත් හෝටලයක එකක් විය හැකි බවය.
එමෙන්ම අනික් හෝටල් වල අඩු පාඩුත් හොයාබලනවාදැයි අපෙන් ප්‍රශ්ණ කර සිටියේය.
එහෙත් අද sasha හෝටලය වසාදමා අදාල ස්ථානය ආවරණය කරන බව දැනගන්නට ඇත.
ඒ ගැන ඔහු කියා සිටියේ අප මතුකළ නිසා පමණක් ඒ ස්ථානය දුවිලි නොයන සේ පිළිසකර කරන බවය.
කමක් නැත මීපුර වෙබ් අඩවිය sasha පාරිහෝගිකයන්ගේ සෞඛ්‍ය පිළිබදව එහි හිමිකරුටත් වඩා ඉදිරියට ගොස් මේ කරන ලද හෙළිදරව්වේ ප්‍රතිඵල අවුරුදු වලින් පසුව දැකබලාගන්නා ලෙසින් දන්වා සිටිනු කැමැත්තෙමු.
කෙසේ වෙතත් මේ ගැටළුව අප ඊයේ දිනයේදිම මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙතද දන්වා සිටියෙමු.
මීගමුවේ ඇති රන්කා නයෝමි සහ කැල්ටන් වැනි හෝටල් වල ඇති සුළු හෝ අඩුපාඩු ගැන අප ඔවුන් නිරන්තරයෙන් දැනුවත් කරන්නේ ඒවායේ සේවාව තවත් උසස් කරගැනිම සදහාමය.ඒ හැම අවස්ථාකදිම ඒවායේ හිමිකරුවන් ඉතාමත් සුහදශිලි ලෙසින් ඒවා පිළිගෙන අදාල වෙනස් කම් කරන්නට කටයුතු කර ඇති බවද මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.