SB හා ඩිලාන්ගේ මන්ත්‍රීධූර අහෝසීයි?

0
68

dilan - SB

ඊයේ (29) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම ශ්‍රීලනිපය හැරගියා සේ සලකා විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට ඔවුන් එළඹ ඇත.

එමෙන්ම SB හා ඩිලාන් සමග පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී විනය පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.