“Selfie” වලින් ප්‍රයෝජනයක් ගත්ත මියන්මාරය

0
156

මියන්මාරයේ ජීවත්වන තරුණ පිරිස් එකමුතු වී මේ දවස්වල අපේ කට්ටියට නැතුවම බැරි   ” selfie” වලින් ප්‍රයෝජන ගත්තු පුවතක් අපට වාර්ථා වුණා. ඔවුන් selfie යොදාගෙන තිබුනේ තමන්ගේ රටේ ක්‍රියාත්මක වන ජාතීන් හා ආගම් අතර ඇති වෛරය, එකිනෙකාට වෙනස් ලෙස සැලකීම හා විවිධ ජාතීන් පිළිබද ඇති ප්‍රචණ්ඩකාරී හැගීම් වලට විරුද්ධ වීමටයි.

එරට විශාලතම නගරය වන Yangon ප්‍රදේශයෙන් තමයි මෙම ප්‍රයත්නය ආරම්භ කරල තියෙන්නේ. තමන්ගේ facebook ගිණුම හරහා එරට පුරාම විසිරී සිටින තමන්ගේ මිතුරු ප්‍රජාවට ඔවුන් ආරාධනා කරන්නේ තමන්ගේ ජාතියට හා ආගමට අයත් නොවන තමන්ගේම මිතුරෙකු හෝ  මිතුරියක සමග ලබාගත් selfieයක්  #myfriend and #friendship_has_no_boundaries ලෙස තමන්ගේ fb profile එකේ post කර ලෙසයි.

මෙම ක්‍රියාවලිය ඔවුන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන්නේ පසුගිය 2012 වසරේ එරට බෞද්ධ ප්‍රජාව හා සුළුතර මුස්ලිම් පිරිස් අතර ඇතිවූ ගැටුම් තවදුරටත් ව්‍යාප්තවීම නවත්වාලීමටත් ඒ වකවානුව තුල එරට සමාජ ජාලයන් හරහා පැතිරණු වවිධ ජාතීන්ට එරෙහි වෛරී ප්‍රකාශයන් ව්‍යාප්ත වීම වළක්වාලීමටත් වීම තමයි මේ උත්සාහයේ විශේෂත්වය වෙන්නේ.

අපේ කට්ටිය selfie පාවිච්චි කරන්නේ එදිනෙදා තමන් කරන වැඩ, යන්නේ එන්නේ කොහෙද, කන්නෙ බොන්නේ මොනාද , කොහෙද, කාත් එක්කද වගේ දේවල් අනිත් අයට පේන්නත් එක්ක share  කරන්නනේ. ඒත් ඉතින් මේ වගේ දේවල් වලට අපි අපේ තාක්ෂණය හා හැකියාවන් යොදවල කටයුතු කලොත් අපේ රටත් මීට වඩා කොච්චර ලස්සන වෙයිද ? ඒත් ඉතින් දුක කියන්නේ අපේ රටේ තරුණ්‍යයට posh වෙනවා ඇරෙන්න වෙන වටිනා දේවල් මතක්වෙන්නේ කලාතුරකින්නේ.

I'm a Buddhist and My Friend is a Muslim. I'm a Boy and She is a Girl. We are different but we accept each other. Life is not permanent, enjoy yourself right now. Because friendship has no boundaries. #MyFriend #Friendship_has_no_boundaries – looking for peace with May Khin
I’m a Buddhist and My Friend is a Muslim.
I’m a Boy and She is a Girl.
We are different but we accept each other.
Life is not permanent, enjoy yourself right now.
Because friendship has no boundaries.
#MyFriend
#Friendship_has_no_boundaries – looking for peace with May Khin

 

Myanmar-My-Friend-Campaign-800x533

He is a Sikh and I'm a Muslim. But we are friends. Although we have diversities,we share our own opinions and beliefs, we accept and respect our different identities. #Myfriend #Friendship_has_no_boundaries
He is a Sikh and I’m a Muslim.
But we are friends.
Although we have diversities,we
share our own opinions and beliefs,
we accept and respect
our different identities.
#Myfriend
#Friendship_has_no_boundaries

 

මිතිලායා ගමගේ (Global voice ඇසුරිණි.)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here