SF ට ඇමතිධුරය ලබාදෙන්න කාර්දිනල් හිමි ඇතුළු කතෝලික පල්ලියත් පෙරමුණ ගනියිද ?

0
93

sarath F(6.40 pm) ජාතික ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ වගකීම ජනාධිපතිවරයා තමන්ගෙන් ඉවත් කර එහි වගකීම ගත හැකි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට කතෝලික පියතුමන්ලා සහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සූදානමින් පසුවන බව ලංකාව නිව්ස් වේබ් අඩවිය විසින් වාර්තාකර තිබේ.

.පසුගිය දිනවල පැවැති මාධ්‍ය හමු කිපයකදිම සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා තිබුනේ  දැන් මුහුණ දී සිටින ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නොමැති බවය.

තිස් වසරක යුද්ධය නමා කිරීමට නායකත්වය දුන් හමුදාපතිවරයෙකු වශයෙන් රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් මෙන්ම ත්‍රස්තවාදීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන්ද මනා අවබෝධයක් ඇත්තෙකු ලෙස ෆොන්සේකා මහතා වෙත රටේ ආරක්ෂාව භාර දිය යුතුය  යන්න ආගමික නායකයින් ඇතුළු රටේ පොදු ජනතාවගේද පොදු  මතය බවට පත්වෙමින් තිබේ.

මේ අතර පසුගිය දිනවලදි  කාදිනල් හිමිපාණන්ද සඳහන් කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන තහවුරුවද ප්‍රමාණවත් නොවන බවය . මේ නිසාම මැයි 06 වෙනිදා ආරම්භ විමට නියමිත පාසැල් වාරය කතෝලික පාසැල් වලට ක්‍රියාත්මක නොකිරිම මෙන්ම යෝජිතව තිබුණ ඉරුදින දිව්‍ය පුජාවන් පවා යළිත් කල් දැමිම විසින් රටේ ආරක්ෂාව පිළිබදව එතුමන්ගේ ස්ථාවරය පැහැදිලි වි තිබේ.

මේ සියළු වර්ධනය් හමුවේ ඉදිරි දින කිහිපය තුළ හෝ ජනධිපතිවරයා නම්‍යශීලි නොවන්නේ නම ආගමික නායකයන් ලෙස විශේෂයෙන් කතෝලික පිතුමන්ලා සහ භික්ෂුන් වහන්සේලා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කරනු ඇතිද ? බෝම්බ ප්‍රහාරයන්ගෙන් වැඩිම හානියක් එල්ල වි ඇති කිතුණු ප්‍රජාව මේ තිරාණාත්මක අවස්ථාවේදි කටයුතු කරනු ඇත්තේ කෙසේද ? මේ ජනතාවත් සමගින් කාර්දිනල් හිමිගේ ස්ථාවරය විය හැක්කේ කුමක්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here