SLBCයේ සභාපති පියානෝවක් පන්නන්න යයි!

0
60

පියාශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 6 වැනි මැදිරියේ තිබෙන ඓතිහාසික වටිනාකමකින් යුත් පියානොවක් එහි සභාපති ජගත් වික්‍රමසිංහ මහතා විසින් එම පරිශ්‍රයෙන් පිට කිරීමට ගන්නා උත්සාහයකට එහි සේවකයන්ගේ විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ.

එම පියානෝව අලුත් වැඩියා කිරීමට යැයි පවසමින් ඔහු එය ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයෙන් ඉවත් කිරීමට සැලැසුම් කර ඇති බව පැවසේ.

කෙසේවුවද, මින් පෙර කිසිදු අවස්ථාවක දී අදාළ පියානෝව අලුත්වැඩියා කටයුතු සඳහා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයෙන් පිටතට ගෙනගොස් නොමැති අතර එහි අලුත්වැඩියා කටයුතු කර ඇත්තේ පියානෝ අලුත්වැඩියා සඳහා නිපුන පුද්ගලයන් ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයට පැමිණය.

එය තිබෙන තැනින් වෙනස් කිරීම එහි සංගීත නාදවල තියුණු බව බිඳෙන හේතුවක් නිසා එය පරිශ්‍රයෙන් පිටතට නොගෙනීමට ප්‍රධන හේතුව බවද මේ අතර වාර්තා වේ.

මේ පියානෝවෙන් ගී තනු දැමූවන් අතර සෝමදාස ඇලිවිටිගල, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, අමරසිරි පීරිස්, දයාරත්න රණතුංග හා රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන් සිටීම නිසා මෙයට ඓතිහාසික වටිනාකමක් ඇති බව පැවසේ.

අදාළ, පියානෝව ගුවන්විදුලි සංස්ථාවෙන් එළියට ගෙනයාමට ඉඩ දෙන ලෙසට ආරක්ෂක ප්‍රධානියාට සභාපති ජගත් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිඛිත නියෝගය පහත දැක්වේ.slbc
srilankamirror.com