South International ජාත්‍යන්තර පාසැලේ මොනවද මේ වෙන්නේ ???

0
52

කලක් මේ ප්‍රදේශයේ ඉතා ප්‍රකට දක්ෂ ගුරුවරයෙක්ව සිට පසුව දේශපාලනයට පිවිස සිය කිර්තිනාමය ඉතා වේගයෙන් හෑල්ලු කරගත් පොල් සර් යැයි කව්රුත් හදුන්වනු ලබන යන අය විසින් දැනට කලකට ඉහතදි South International.ජාත්‍යන්තර පාසැලක් අරඹන ලදි.නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් වලට සිය දරුවා දමා ගැනිමට පොරකා ඒ සටනින් පැරදුන බොහොමයක් දෙනා පසුව නැවතුනේ පෝල් සර්ගේ පාසැල ලගය. එයට ප්‍රධාන හේතුව වි තිබුන නගරය් අනෙකුත් පාත්‍යන්තර පාසැල් වල මිල ගණන් වලට සාපේක්ෂකව මෙහි මිළ යම් අඩු මට්ටමක පැවැතිමයි.

එහෙත් මෙහි ගොඩනැගිලිවල පමණක් නොව එහි ඉගැන්විම් කටයුතුභාරව සිටින තරුණ ගුරුවරුන් ගුරුවරියන්ගේ නිපුණතාව සහ ප්‍රමිතිය පිළිබදව නිරන්තරයෙන්ම ගැටළු පැවතියේය. එමෙන්ම මීට වසර කිපයකට ඉහතදි මෙහි සිටි ක්‍රිඩාභාර ගුරුවරයෙක්  මේ පාසැලේ පිරිමි සිසුන් පිරිසක්ව අපයෝජනයට ලක් කර තිබුන බවට පැහැදිලි සාක්ෂි පැවතියද පොල් සර් විසින් ඒවා යටගසන්නට කටයුතු කළා මිස අදාල ගුරුවරායාට දඩුවම් දිම මගහැර දැම්මේය.

ඒ පාසැලේ කිර්තිනාමයට ඉන් සිදුවිය හැකිව තිබු කැලල නිසා විය යුතුය.

මෙවන් පරිපාලන පසුබිමක පවතින මේ පාසැල ඉහල මාලයන්ගේ සිදුවන විවිධ  නොහොබිනා ක්‍රියා රැසක් පසුගිය දිනවල අපට වාර්ථා විය.මෙහි ආසන්නතම සිදුවිම වි තිබුනේ පාසැලේ  තරුණ සිසු සිසුවියන් අතර සිදුවු ගුටිබැට හුවමාරුවකින් මේ ඇතැමෙක් රෝහල් ගත කරන්නට සිදුවිමයි.මේ සියළු වර්ධනයන් පාසැලකට තරම් නොවන බව තේරුම් ගන්නටත් ඒවා පාලනය කරන්නටත් මේ පරිපාලනයට නොහැකි වන්නේ නම් තවත් අවාසනාවන්න සිදුවිම් රැසක් ගැන අපට අසන්නට ලැබිම අනිවාර්යයක් බව මෙහි සටහන් කරනු කැමැත්තෙමු.