SPA අරියි ! උද්ඝෝෂණ තහනම් කරයි !

0
67

පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කොවිඩ්-19 පැතිරයාමේ විශාල අවදානමක් පවතින බැවින් මෙම ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙවැනි ක්‍රියාකාරකම් තුළින් ඇතිවන සෞඛ්‍ය අවදානම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇති බවද වාර්තා වේ.

මෙම නියෝගය නොකතා උද්ඝෝෂණ හා රැස්වීම් කරන පුද්ගලයන්ට එරෙහිව නීරෝධායන නීතිය යටතේ ක්‍රියා කරන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

මේ අතර ඊයේ සිට ලිහිල් කරන ලද නිරෝධායන රෙගුලාසි යටතේ මසාජ් ආයතන විවෘත කිරිමට රජය විසින් අනුමැතිය දි තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here