SPA තරුණියන්ගේ ජිවිත මතින් ගොඩ ගියේ කව්ද ?

0
144

( 9.00 am ) මිගමුවේ ස්පා සීල් තැබිමත්,එහි තෙරපිවරියන් දෙදෙනෙකුට HIV තිබුන බවත් ,කියමින් ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය මෙන්ම , වෙබ් අඩවිද හිට් වැඩිකරගැනිමේ තරඟයක යෙදෙමින් පසුගිය වසරේ මේ කාලය තුලදි ක්‍රියාත්මක වු ආකාරය ඇතැමුන් අමතකව ගොස් තිබෙනවා වන්නට පුලුවන .

කපුටු මිඩියා බවට පත්ව ඇති ලංකාවේ අතිබහුතරයක් මාධ්‍ය හිට් මේනියාව පෙරදැරිකරගෙන ක්‍රියාත්මක වෙන පසුබිමක  මාධ්‍යවේදින්ගේ නිසි කාර්යභාරය ගිලිහි යමින් තිබෙන ආකාරය යළිත් වරක් SPA පුවත හරහාද සිදුව තිබුණි.

පොලිසියටද වැඩියෙන් අවැසිව තිබුනේ මාධ්‍ය හරහා SPA වැටලිම මාධ්‍ය සංදර්ශනයක් බවට පත්කරගැනිමටදැයි ඇති සැකයද නිකන්ම බැහැර කළ යුත්තක් නොවන බව අප ගිය වසරේදි මේ ගැන ලියු හැම අවස්ථාවකදිම අවධාරණය කළෙමු .ඇතැම් මාධ්‍යවේදින් තෙරපිවරියන්ගේ කදුළු කතාද පොලිසියේ මහත්තුරුන්  ඔවුන් ට කිවා යැයි සදහන් කරමින් මාධ්‍ය වල පලකර තිබුණ අකාරය සැබැවින්ම පිළිකුල් සහගත  විය.

මිගමු තුල ක්‍රියාත්මක සම්බාහන මධ්‍යස්ථාන දැනට කලක පටන් ක්‍රියාත්මක ඒවාය.එවායේ  මේ දැන් වෙමින් තියෙනව යැයි කියන සකලාකාර පැකේජ් ක්‍රියාත්මක බව කොටුවේ  පොඩි හාමුදුරුවන්ගේ සිට මිගමුවේද  බහුතරයක් දෙනා දනි.

.මහනගර සභාවේ ලියාපදිංචි නැතිව ව්‍යාපාරයක් මිගමුවේ කරගෙන යා  හැකිද? නගර සභාව මේ ස්පාවල එල්ලා ඇති නාමපුවරු වලට මුදල් අයකර තිබේද ? කෙසේ වෙතත්  ඒවා නිරුපද්‍රිතව ක්‍රියාත්මක විය. මේ SPA වලින් කප්පම් ගත් ඇතැම් ‍කුප්‍රකට පොලිස් නිලධාරින්ද විය.

මේවා තුල සිදුවන නිතිවිරෝධි ක්‍රියාවන් ගැන පොලිසිය නොදැන සිටියාද? කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයේ SPA කරන ව්‍යාපාරිකයන් පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ කල්කිරියාව ගැන කියන කරුණු උසස් පොලිස් නිලධාරින් නොදැන සිටියාද?

මේවා තුල සිදුවන්නේ සම්බාහනයට එහා ගිය දේවල් බව ඉතා පැහැදිලි පසුබිමක ලිංගාශ්‍රිත ඒකකය හරහා මේ සේවිකාවන්ගේ  ලිංගාශ්‍රිත රෝගි තත්වයන් ගැන දැනගැනිමට වැඩපිලිවෙලක් සැකසි තිබුනේද?

මීගමුවේ SPA තහනමට දැන් වසරක් ගෙවි ගොස් ති‌බෙන අතර නාම පුවරු නැතත්  තැන තැන SPA ‍ක්‍ර්‍රියාත්මකව ඇතැයි ද කියැ‌වේ

සැබැවින්ම නි කන්දක් පිපුරුවාක් මෙන් වු SPA වැ⁣ටලිමේ මෙහෙයුමේ අරමුණ කුමක් ද ?

මසාජ් පාලර් ගැන කප් ගැසු  පියවරුන් ගේ පවුල් පාලනයක් තිබුන  මිගමුව තුල නියාමනයකින් තොරව ස්පා පැතිර යාමත් එහි සේවය සදහා එන තරුණියන්ගේ අනාරක්ෂිත බවද මේ හා බැදේ .
වයස අවුරුදු 15 ක තරුණ දරුවෙකු ස්පා වල සිටියා යැයි  කියන මාධ්‍ය සහ අනිකුත් බලධාරින් එවැනි දැ සිදුවෙමින් තිබුනේ කෙසේදැයි ප්‍රශ්ණ කර තිබුනේද නැත

මාධ්‍ය සංදර්ශන ද සමගින් ක්‍රියාත්මක වු SPA  වැටලි‌ම පිළිබදව වෙනත් සැගවුන අරමුණක් තිබු‌නේද යන කරුණ ගැනද විමසිලිමත් විම වැදගත් බව අප ඒ් දවස්වලම ක්‍රියා සිටි‌යෙමු.

මේ SPA වැටලි‌මෙන් ටික දවසකට පසු පොලිස්පති දේශබන්දු කටුවපිටියට පැමිණ තිබුනේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බැහැදැකිමටය.ඒ් අයට බඩු මලුද දුන්නේය.

SPA වැටලිම  දේශබන්දුගේ කටුවාපිටිය ආගමනය අතර සම්බන්ධයක් තිබිමටද බොහෝ දුරට ඉඩ ඇත.

මිගමුවේ පොලිස් ලොක්කන් SPA වටලා කතෝලික පල්ලියෙන් හොද නමක් ලබා ගන්නටම ඇත්තේද පොලිස්පතිව කටුවාපිටියට වඩම්වන්නට නොවේදැයි සාධාරණ සැකයක් මතුකළ හැකිව තිබේ.

එය නිකම්ම බැහැර කළ හැක්කක්ද නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here