STF ඒක විසින් ඝාතනය කළ පින්තුගේ අවසන් කටයුතු අද !

0
509
IMG 20210720 111446
IMG 20210720 110953
6dd0425e 4abb 426b 8a91 57859c7952ee

අපාරාධ කිපයකට සිරගතව සිටි ලලිත් පිංතු ඇප ලබා ඒලියට පැමිණ හරියටම අද (20) දිනට මාස 3 කි. හිර ගෙදර සිටියදිම පොත් 3 ක් ලියා තිබුණ ඔහු ඇප පිට නිදහස්ව පැමිණි පසු භාවනා කටයුතු වලට වැඩි අවධානය යොමුකරමින් ජිවිතය වෙනස් කරගනිමින් සිටි බව ඔහුට සමිප ඥාතින් මෙන්ම අසල්වාසින්ද කියා සිටිති.
ඇප ලබා පැමිණි පසු ඔහු ජිවත්වු අමන්දොළුව ජයවර්ධනපුරයේ කුඩා කාමරයද ඊට සාක්ෂි සපයයයි.ඒය බුදු කුටියක් වැනිය.
කෙසේ වෙතත් ඔහුට ජිවිතය වෙනස් කරගෙන යළිත් සමාජ ගතවන්නට ඉඩ ලැබුනේ නැත.

අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගරගතව සිට ඇප පිට නිදහස් කරන ලද ලලිත් පිංතු නම් පුද්ගලයාට පසුගිය ජූලි 17වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා මරා දැමීම ගැන පරීක්ෂනය සීදුව පොලීසියෙන් ඉවත් කොට රහස් පොලීසියට බාර දිය යුතු යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කර තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතනය මෙයට පෙර සිදුවූ අපරාධ සැකකරුවන් අනීතිකව ඝාතනය කිරීමේ තවත් පුරුකක් යැයි සැකයක් ඇතිවීම සාධරණ බව කියන නීතිඥ සේනක පෙරේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සීසීටීවී යනාදිය පරීක්ෂා කර බැලීම අවශ්‍ය බවද ප්‍රකාශ කරන බව ශ්‍රිලංකාව බ්‍රිෆ් ‌ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ..

පොලිසිය විසින් වාහනයක ගමන් ගනිමින් සිටි ලලිත් පිංතුට පොලිසිය වෙඩි තැබුවේ ආත්මාරක්ෂාවට යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර ඇතත් එම පුද්ගලයා විසින් පොලිසියට වෙඩි තැබු බවක් එක එල්ලේ කියා නැත. වෙඩි වැදුණු කිසිදු පොලිස් නිලධාරියකු ගැනද වාර්තාවක් නැත.

මේ පුවත ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් කරන්නට යෙදුන පළමු ප්‍රකාශය මාධ්‍ය තුලින් විකාශනය වු අවස්ථාවේදි පවා දකින්නට ලැබුනේ නිසි හේතු රහිතව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පවා වචන අමාරුවෙන් ගලපාලමින් කරන ලද ප්‍රකාශක් බවය.

පුනරුත්ථාපනය වි සමාජ ගතවන්නට ඉඩ නොතබාම පොලිසිය විසින්ම වෙඩි තබා ඝාතනය කළ ලලිත් පිංතු ඔහු ඉපදි හැදි වැඩුන කටුනායක ගමේ අයට තවමත් සොදුරු මිනිසෙකි.

ඒ නිසා කටුනායක 18 කණුවේ සිට කටුනායක ඔහු වාසය කළ මාළු කඩය අසල දක්වා සෑම හංදියක්ම සරසා බැනර් දමා ඇති අයුරු තුලින් කියැවුනේ පිංතුට ඇත්තට ආදරය කළ පිරිසක් ඔහු හැදි වැඩුන ගම්පියසේ සිටින බවය.

ආයුධ පෙන්වන්නට ගොස් ඇතිවු වෙඩි හුවමාරු වලදි යැයි කියන විශේෂන බද සහිත ඝාතන රැසක් සිදුකළ කුප්‍රකට ශ්‍රිලංකා පොලිසියට මේ ගැන ඒ් ජාතියේ කථා කියන්නට පවා මේ සිදුවිමේද කිසිදු සාක්ෂියක් පවා නොහැකි නිසා විය යුතුය .
ලලිත් පිංතුගේ අවසන් කටයුතු අද සවස අමන්දොළුව ජයවර්ධනපුරය සුසාන භුමියේදි සිදුකිරිමට නියමිතය

IMG 20210720 111028
IMG 20210720 110934
IMG 20210720 110942



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here