මින් එක් අයෙකුගේ නම දැන් කිප අවස්ථාවකදිම කියැවෙන්නට පටන් ගෙනය.
ඒ නගර සභාවේ නිළධාරින්ට චණ්ඩි පාට් දැමිම නිසාය.
මේ මන්ත්රිවරයා හැසිරෙන්නේ තමන් ඉතාමත් සැදැහැවත් බොදුනුවකු ලෙසින්ය.
එහෙත් සැබෑ කල්කිරියාව ගත් කළ දරුවන්ට දෙන්නට යැයි කියා ගත් පොත් පවා විකුණා මුදල් හම්බකිරිම නිසා දැවැන්ත සමාජ අපහසයකට ලක්වුවෙකි.
මේ නිසාම පසුගිය නගර සභා කාලවලදි ඔහුට නම් පටබැදි තිබුනේ පොත්මාමා යැයි කියාය.
දැන් මේ උපාසක මන්ත්රිවරයා පසුගිය දිනක තමන්ගේ නියෝගයක් මත පාරක නඩත්තු කටයුතු කරන්නට යැයි නියෝග දි තිබුණද පසුව දැනගන්නට ලැබුනේ ඒ පාර පුද්ගලික එකක් බවය.
මේ නිසාම අදාල තාක්ෂණික නිළධාරිවරිය මේ ගැන අදාල මන්ත්රිවරයාට දන්වා ඇත.
එහෙත් ලංසා පවුලේ ලොක්කෙකු සේ රගන මේ මන්ත්රිවරයා අදාල නිළධාරිණියටද චණ්ඩි පාට් දමා ඇත.
මේ නිසාම ඉදිරියේදි මේ නිළධාරින් සියල්ල කිසියම් වෘත්තිය ක්රියාමාර්ගයකට එළඹිමට නියමිත බවද වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්න ඇත.