The mirror

0
86

The mirror  චිත්‍රපටය  ඉරාණ ජාතික ජෆාර් පනාහි නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයකි. 1998 වර්ෂයේදී තිරගත වු මෙම චිත්‍රපටය ුතැනී ඇත්තේ පර්සියන් බසින් වන අතර ප්‍රධාන රංගනය සිදුකරන්නේ  ඉරාණ ජාතික නිළි  මීනා මොහොමඩ්  කහානි විසින්.  19997 දී මෙම චිත්‍රපටය නිපදවන විට ඇය පුංචි දැරිවියක් වුවත් මේ වන විට නම් ඇය තරුණියකි.  මීනා මොහොමඩ් විසින් රගපෑ මතක ඇති තවත් චිත්‍රපට වූයේ  ‘චිල්ඩ්රන්  ඔෆ් ද හෙවන් ‘   චිත්‍රපටයි.  ඇය දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද සිය  රංගනය වෙනුවෙන් සම්මාන දිනාගත්තාය.

tumblr_mihmwkiSMD1r063p0o2_500
meena mohomad and Jafar Panahi

මීනාගේ රංගනය ‘ද මිරර් ‘ චිත්‍රපටය පුරාම දිවෙන ජීවයයි. ඇය පෙනී සිටින රංගනයට නිතැතින්ම  වශී නොවී  මෙම චිත්‍රපටය නැරඹීය නොහැකිය. මීනා මෙහි රඟන්නේ පාසල් දැරිවියකගේ චරිතයකි. පාසල් වේලාවෙන් පසු සිය මව එන තෙක් පාසල් තාප්පය අසලට වී සිටින පුංචි පාසල් දැරිවියකගේ හැසිරීම දෙස හොරෙන් කැමරාවක්  අල්ලාගෙන සිටියා වැනි හැඟිමක් ද ජනිත වේ. එය අධ්‍යක්ෂකවරයාට අනන්‍ය වූ විශේෂ ශෛලියක් වුවත්  එවැනි දර්ශන  විසින්  මීනාගේ රංගනය ප්‍රේක්ෂකයා වෙත සජීවී කරවයි.
ඒ අතින්ම ළමා චිත්‍රපටයක මෙතරම්  ගැඹුුරු හා  ප්‍රායෝගික තේමාවක් ඇතුල් කරවීම  අධ්‍යක්ෂකගේ අපුරු හැකියාවකි.
සිය මව පැමිණෙන තෙක් බලාහිදින මේ පුංචි පාසල් දැරිවිය වැඩිහිටියන්ෙග් ආධාරයෙන් සිය නිවසට යන්නට උත්සාහ දරන්නීය.  එහිදී ඇයට හමුවන වැඩිහිටි ලොා්කය අපටද මුණ ගැසේ.  එහිදී මීනාට උදව්වන සෑම වැඩිහිටියෙකුම සංකීර්ණ සමාජ වටපිටාවක  දිනපතා හමුවන පුද්ගලයෝ වෙති. රියදුරන්, බස්කොන්දොස්තරවරුන්, තරූණ, මහළු මේ සියල්ලෝම  ඔවන්ට උරුම චරිත ගතකරති. ඒවා මීනාගේ නෙතින් අධ්‍යක්ෂකවරයා අපට පෙන්වයි.
චිත්‍රපටයකදී   සිදුවන අහඹු අවස්ථාවක් ප්‍රේක්ෂකයා වෙත මුණගස්සන අධ්‍යක්ෂකවරයා  මීනාගේ චරිතය හදිසියේම චිත්‍රපටයකම රූපරාමුවක් බව හෙළිකරයි. මීනා සිය ඇදුම් ආයිත්තම් උනා දමා කැමරාව ඉදිරියෙන් පලා යයි.එහෙත් අධ්‍යක්ෂකවරයාගේ අරමුණ වෙනස් නොවේ.  කතාව දිගටම ගලා යයි.
පාසල නිමවීමෙන් පසු අතරමංවී   තනියම සිය  නිවස කරා යාමට තීරණය කරන පුංචි දැරිවියකට හමුවන වැඩිහිටි ලෝකය කෙබදු ද ?
meena3

mirror

images