Timbuktu, ‘තිම්බුකුහි’ සිනමා පටය 40 වන සෙසර් සම්මාන උළෙලේදී Cesar Awards, 2014 වසර සදහා පිරිනමන හොදම චිත්‍රපටයට හිමි සම්මානය සහ හොදම අධ්‍යක්ෂනයට හිමි සම්මානය ඇතුළු සම්මාන 07ක් දිනාගෙන තිබේ. එමෙන්ම මෙහි යොදාගෙන ඇති ස්වභාවික ශබ්ද හා සංගීත නිර්මාණයටද සම්මාන ලැබී ඇති අතරමේ වන විට ප්‍රංශයේ මෙම චිත්‍රපටය තිරගත කර තිබේ. මිලියනයක් පමණ ජනතාව මෙය නරඹා ඇති අතරමේ වන විට අප්‍රිකානු ජනතාව අතර මෙම චිත්‍රපටයේ අන්තර්ගතය හා චිත්‍රපටය පිළිබදවද සංවාදයක් ඇරඹී ඇත.
Timbuktu, ‘තිම්බුකුහි’ යන නම අප්‍රිකාවේ ‘ මාලි ‘ රටේ ඇති සංස්කෘතික මෙන්ම එෛතිහාසික වටිනාකමක් ඇති නගරයකි. මෙහි පසුබිම මෙන්ම අන්තර්ගය ලෙස පදනම්කරගෙන ඇත්තේ එරට පැවති සිවිල් යුද්ධයේදී මුස්ලිම් සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක්වන නගරයක සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන තත්ත්වයයි. සටන්කාමීන්ගේ යටතට පත්වන නගරයේ සාමාන්‍ය වැසියන්ගේ චර්්‍යා රටා , චාරිත්‍ර වාරිත්‍ර, විනෝදය , සැහැල්ලුව මේ සියල්ල අභියෝගයට ලක්වීම ‘තිම්බුකුහි’ ප්‍රතිනිර්මාණය වී තිබේ.