” TIME’s Next Generation Learders ” අතරට පකිස්ථාන නීතීඥවරියක්

0
167

nighat-800x450

Nighat Dad නම් වූ පකිස්ථාන ජාතික Digital අයිතීන්(Rights) වෙනුවෙන් හඩනඟන නීතීඥවරියක් මේ වසරේ ” TIME’s Netx Generation Learders ” හි ලැයිස්තුවට ඇතුලත්කර තිබෙනවා.අන්තර්ජාලය හරහා කාන්තාවන්ට අත්විදින්නට සිදුවන හිංසනයන්ට විරුද්ධව ඇගේ හඩනැඟීම් වලට හා  Digital Rights සම්බන්දව ප්‍රජාවගේ දැනුවත්භාවය වැඩි කිරීමෙහිලා ඇය දැරූ උත්සාහය අගය කිරීම වෙනුවෙනුයි ඇයව මේ සදහා ඇතුලත් කර ඇත්තේ.

ලොව පුරා වෙසෙන තරුණ ක්‍රියාකාරී නායකයන්ගේ ඒ උත්සාහයන් තව තවත් දිරිමත් කිරීම තමයි ” TIME’s Netx Generation Learders ” අරමුණ වන්නේ. මේ හරහා එම තරුණ නායකයන්ව ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබීමටත් එමගින් ඔවුන්ට අනන්‍යතාවයක්  ලබා දීම හා ඔවුන් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන චරිත බවට පත්කිරීමටත් ඔවුන් නිරරන්තරයේ උත්සහ දරනවා.

Nighat Dad වසර 10ක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන් හා Digital Rights වෙනුවෙන් ජනතාවගේ විශේෂයෙන් කාන්තාවන්ගේ දැනුවත්භාවය ඉහල දැමීමෙහිලා කටයුතු කර තිබෙනවා. 2012 වසරේ සිය  ඇය  Digital Rights Foundation Pakistan (DRF) නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් අන්තර්ජාලය භාවිතයේදී ආරක්ෂා වන්නේ කෙසේද? , තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාවන ලෙස අන්තර්ජාලය භාවිතා කරන්නේ කෙසේද? , හා අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිංසනයන් හදුනාගන්නේ කෙසේද? වැනි කාරණා සම්බන්දයෙන් තරුණ කාන්තාවන් දැනුවත් කිරීමේ හා ඔවුන් පුහුණු කිරීමේ වැඩමුළු පවත්වා තිබෙනවා. එපමණක් නොව අන්තර්ජාල භාවිතය සම්බන්ද පකිස්ථාන රජයේ ඇතැම් නීති පවා ප්‍රශ්ණ කරමින් ඇය තමන්ගේ හඩ අවදි ර තිබීමත් මෙලෙස ඇය නිර්දේශ වීමට හේතු වී තිබෙනවා.

මේ සියළුම හේතූන් නිසා මේ වන විට ඇය පකිස්ථානයමෙන්ම ලෝකය පුරාම වැඩි වශයෙන් කතාබහට ලක්වන කාන්තාවක් බවට පත්වී අවසන්.
global voice ඇසුරෙනි – සටහන මිතිලයා ගමගේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here