tuk tuk ඒකෙන් රවුම් ගහන විදේශිකයන්ට නීති දැඩි වෙයි ?

0
116

( 11.30 am ) ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය දා නිති මාලාවක් ඉදිරිපත් කිරිමටද පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම  දැනට කාලයක සිට කටුනායක අවට අතුරු පාරවල් වල මේ විදේශිකයන්ට විනාඩි කිපයක ත්‍රිරෝද පැදවිමේ පුහුණුවක් ලබා දි ඉන් අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථයෙන් සිය සංවාරයට පිටත් ව යන අකාරය නිතර දැක ගතහැකි බව ප්‍රදේශවාසිහු කියා සිටිති.

කෙසේ වෙතත්  පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවට නිරීක්ෂණය වී තිබෙන බව පොලිසිය අවස්ථා කිපයදි සදහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමේදී අනාවරණය වී තිබෙන්‍නේ මෙම අනතුරුවලට අදාළව රිය පදවන විදේශිකයන් හට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර මෙන්න ඒ සඳහා නිසි පුහුණුවක් හෝ නොමැති බවය.

මෙම තත්ත්වය වලක්වාගැනීම හා පාලනයකිරීම සඳහා ගනුලබන පියවරක් ලෙස යම් විදේශිකයෙකු ත්‍රිරෝද රථ පදවන අවස්ථාවකදී, ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කොට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සදහන් කරන අතර එමෙන්ම විදේශිකයන් සඳහා වාහන ලබාදීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටි.

විශේෂයෙන්ම කටුනායක ප්‍රදේශයේ මේ ආකාරයෙන් විදේශිකයන්ට ත්‍රිරෝද රථ ලබා දෙන ආයතනයක්ද වේ .මේ ආයතනයේ නම සදහන් ත්‍රි රෝථ රැසක් දැනටමත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලදි විදේශිකයන් පදවාගෙන යනු අයුරු දැක ගත හැකිය.

මිට මාස කිපයකට ඉහතදි සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ජොන්ටි රොඩ්ස් මෙම ආයතනය සතු ත්‍රිරෝථ රථයකින් රටවටා  ගිය අයුරු සමාජ මාධ්‍ය වල  ප්‍රධාන වශයෙන්  සංසරණය වු පුවතක් විය.

මේ අකාරයට ත්‍රි රෝද රථයක්වී පැදවිමට  ඉඩ දීම මෝටර් වාහන පතේ 123(1) අනුව රු.25,000ක දඩයට යටත්වන වරදක් වන අතර මෙම දඩය ගසනු ලබනනේ අදාල රථයේ හිමිකරුටය.

විදේශකයෙකු විසින් මෙරට වාහන පැදවිම සඳහා මෙරට වලංගු රියදුරු බලපත්‍රයක්, මෙරට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හෝ අදාළ විදේශිය ජාතිකයා පදිංචි රටේ බලපත්‍රයක් තිබිය යුතුවේ .

ඉහත සඳහන් බලපත්‍ර වලංගු විය යුතුයි.පොලීසිය නිකුත්කළ අදාළ නිවේදනය2025.03.26 පැය 1450 විදේශිකයින් ත් රී රෝද රථ පැදවීම සහ එම අනතුරු අවම කිරීම සම්බන්ධව page 001

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here