UN එකේ ලංකාව ගැන මානව හිමිකම් සාකච්ජාවට ශ්‍රිලංකාවේ මානව හිමිකම් කොමිසම් නිළධාරින් නෑ

0
108

ශ්‍රි ලංකා රජයට දැනටමත් වසර 3 ක් කල් දී ඇති නමුත් ඔවුන් රටේ මානව හිමිකම් කැඩූ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනැවිත් නැතැයිද තමන් මේ ප්‍රශ්නය දෙන බලන්නේ වින්දිතයන්ගේ පැත්තෙන් නිසා තවත් කෙතරම් කාලයක් වින්දිතයන් විඳවමින් බලා සිටිය යුතුදැයි ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5 ක් ශ්‍රී ලංකාවේ පාලක රෙජීමය සම්බන්ධව ගෙන එන යෝජනා කෙටුම්පත පිළිබඳ ඊයේ(10) පැවැති දෙවන සාකච්ඡා වාරයේදී කැනඩාව ප්‍රශ්න කෙළේය.
කැනඩාව සිය මතය මෙසේ ඉතා දැඩිලෙසින් සභා ගත කලේ දකුණු කොරියාවේ නියෝජිතවරිය   විසින් ශ්‍රිලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විම සදහා ඉදිරිපත්ව ඇති යෝජනාව ඉදිරිපත් කිරිමට තරම් තත්වයක් වර්ධනය වි නැති බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් ගොඩනැගිල්ලේ අංක 8 ශාලාවේ පැවැති මෙම විශේෂ රැස්විම සදහා රටවල් ගණනාවක විශාල පිරිසක් සභභාගිව සිටියද ශ්‍රිලංකාව නියෝජනය කරමින් එහි රැදි සිටියේ තනාපති කාර්යාල නිළධාරිනියන් දෙදෙනෙකු පමණක් බවද වාර්ථා වේ.
විශේෂයෙන්ම ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම නියෝජනය කරමින් නියෝජිතවරියන් සහ නියෝජිතයන් 7 දෙනෙකු සභාගිව සිටින බව ශ්‍රිලංකාවේ මාධ්‍ය විසින් වාර්ථා කර තිබුනද ශ්‍රි ලංකාවේ යෝජනාව පිළිබව කෙරුණ සාකච්ජා දෙකේදිම මේ එකදු නිළධාරියෙකු සහභාගිව සිට නැත.
ලංකාවේ මානව හිමිකම් තත්වය නංවාලිමට කටයුතු කිරිම සදහා පිහිටුවන ලැබ ඇති ශ්‍රි ලංකා මානවහිමිකම් කොමිසම දැනට අව ශ්‍රේණිගත කර ඇත.එය ඉහල නංවාගැනිමට නම් විවිධ රටවල් ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන කියන්නේ මොනවාදැයි දැනගැනිම මේ අයට වැදගත් විය යුතුය.
එහෙත්  මේ නිලධාරින් ඒ වෙනුවට  නගර සංචාර සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට තම කණ්ඩායම එකට සිට සමුහ ඡායාරූප සදහා පෙනි සිටිමට මහත් උද්යෝගයක් දක්වා තිබුණ බව වාර්ථා වේ.un building.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here