UN එකට මොනරු ඇවිත් …..

0
299

un3එක්සත් ජාතින්ගේ සංවිධානයේ 25 මානව හිමිකම් කවුන්සල රැස්විම් වාරය මේ දිනවල පැවැත්වෙමින් තිබේ.එක්සත් ජාතින්ගේ කවුන්සලයේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන  නවනින්දන් පිල්ලේ මහත්මිය විසින් වාර්ෂික වාර්ථාව 2014 03.06 වනදා සවස ඉදිරිපත් කරන ලදි.
මෙම වාර්ථාවේදි ඇය ඉතා පැහැදිලි ලෙසින් අවධාරණය කර තිබුනේ ශ්‍රිලංකාවේ තත්වය ඉහල නංවාගැනිම සදහා මෙතෙක් ගත් දේශිය යාන්ත්‍රණයන්ගෙන් කිසිදු ප්‍රථිපලයක් අත්පත්කරගැනිමට ලංකාව සමත්ව නැති බවය.
මේ නිසා අන්තර්ජාතික යාන්ත්‍රණයක්  ඇති කිරිම ඇති එකම විසදුම බව ඇය යළිත් වරක් අවධාරණය කර තිබුණි.
ඉන් අනතුරුව ඇගේ වාර්ථාව පිළිබදව අදහස් ඉදිරිපත් කිරිමට රටවල් ගණනාවක්ම ඉදිරිපත්ව සිටින ලදි.
යුරෝපා සංගමය ශ්‍රි ලංකාව පිළිබද පිල්ලේ මහත්මියගේ ශ්‍රි ලංකාව පිළිබදව ඇති ස්ථාවරයට සහය පළකරන බවය පවසා සිටියේය.
මේ හේතුව නිසාම  අන්කවරදාටත් වඩා සවස් වන තෙක් එකි සැසිවාරය පැවැත්විණි.
මේ සියල්ල අවසන තවත් චමත්කාර දසුනක් මැවෙන්නට ගති.
ඒ පිල් විදහා ගත් මොනරුන් රංචුවක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙ මහදොරකොට අද්දරට පැමිණ සිටිමයි.
ඔවුන් නිදහසේ කෑම සොයමින් ඔබ මොබ ඇවිදින අයුරු බොහෝ අයගේ කැමරා කාච වල සටහන් වුණි.

un2un6