UPR එකේ යෝජනා වලින් 100 ක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා.

0
167

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ ‘නිවේදිකා’   වැඩසටහන නොවැම්බර් 29 වනදා සවස් වරුවේදි  සමාජ හා සාමයික කේන්ද්‍රයේදී  පැවත්විණි. එම අවස්ථාවේදී නිදහසේ වේදිකාවේ  සම කැදවුම්කරුවන් වන  නීතිඥ සුදර්ශන ගුණවර්ධන ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු සහ ආචාර්්‍ය පාක්‍යසෝති සරවනමුත්තු යන  අය විසින් අදහස් දක්වන ලදී
මෙවර විශ්ව කාලාන්තර සමාලෝචනය  සැසිය තුල ලංකාවේ ක්‍රියාකාරිත්වය ගැන අදහස් දක්වමින් ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු පවසා සිටියේ  අනෙකුත් රාජ්‍යයන් විසින් ශ්‍රී  ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන්  කරන ලද යෝජනා 210 කින් යෝජනා 100ක් ලංකාවේ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මෙම යෝජනා අතර ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධව  හරයාත්මක මෙන්ම මූලධාර්මික යෝජනා ලංකාවේ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරඇති බව ඇගේ අදහසයි.

පහත පළවන්නේ  ඇෙග් අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසකි.
”  එහිදී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් අනෙක් රාජ්‍යයන් විසින් කර තිබූ යෝජනා 210න් 100ක්ම ලංකාවේ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
ඒවා අතරින්    ලංකාවේ ස්ත්‍රීන්ට එරෙහිව සිදුවන අපරාධ වැලැක්වීම සදහා යෝජිත සංශෝධන ප්‍රතික්ෂේප කලා. ඒ කියන්නේ ඒ සදහා යෝජිත  බලපා ඇති ලංකාවේ නෛයිතික  රාමුව සංශෝධනය කිරීමට පියවර ගන්ඩ බැහැයි කිව්වා. එයට ලංකාවේ ආණ්ඩුව දාලා තියෙන සටහන තමයි,  ඒ සදහා ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රාමුව ප්‍රමාණවත් කියන එක.

මරණය දන්ඩණය   අහෝසි කිරීම  සම්බන්ධයෙන් ඇති යෝජනවා  ප්‍රතික්ෂේප කෙරුවා.
ලංකාවේ සමලිංගික ක්‍රියා අපරාධයක් ලෙස සැලකීමේ තත්ත්වය වෙනස් කිරීම සදහා ඇති නිර්දේශය  ප්‍රතික්ෂේප කෙරුවා.  මානව හිමිකම් කොමිෂම ස්වාධින කිරීම සදහා තිබූ යෝජනා රාශියක් ප්‍රතික්ෂේප කෙරුවා.
ඒ වගේ ම ඔබ විසින් දැනගත යුතු ප්‍රධාන දෙයක් තමයි  LLRC  වාර්තාව  වහාම ක්‍රියාත්මක කරන්ඩ,කඩිනමින් ක්‍රියාත්මක කරන්ඩ කියන වචන තිබෙන සියලූම වචන තිබෙන යෝජනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කළා.
අධිකරණයේ ස්වාධිනත්වය සහ සිරගෙවල් වල සිදුකෙරෙන සියළුම වධහිංසා තුරන් කිරීම සම්බන්ධයෙන් ඇති සියලූම යෝජනා , භාෂණයේ නිදහස යන කාරණාව සම්බන්ධයෙන්  වන යෝජනාද ප්‍රතික්ෂේප කරලා තිබෙනවා

විශ්ව කාලාන්තර සමාලෝචන UPR  වාර්තාව අපට මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම  සදහා යාන්ත්‍රණයක්.  ලංකාවේ ආණ්ඩුව විසින් 2008 දි ස්වේච්ඡාවෙන් දෙන ලද පොරොන්ද  දුන්නා. ඒ දුන්න පොරොන්දු වලින් එකක් තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම. නමුත් මෙ නව විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවේ 13 වෙනි ආණුඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබදව වචනයක්වත් සදහන් කරලා නැහැ.
ස්විස්ටර්ලන්ත රජය විසින්  කරන ලද බලය බෙදාහැරීම සම්බන්ධයෙන් යෝජනවාත් ලංකාවේ ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කළා.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  පිළිබදව කිසිම සදහනක් එහි  නැහැ. ඒ ගැන ලංකාවේ ආණ්ඩුව සදහන්  කර ඇති එකම වචනය තමයි  ලංකාවේ පාර්ලිමේන්තුු කමිටුව රැස්වෙනවා කියන එක. දැනට ක්‍රියාත්මක වන  ආයතනයක් ලෙස තමයි ආන්ඩුව ඒ ගැන සදහන් කරලා තිබෙන්නේ.

අපිට මානව හිමිකම් ක්‍රියාධරයන් හැටියට අභියෝගයක් තිබෙනවා.මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව දෙන ලද යෝජනා 110 සහ  ඔවුන් විසින් ප්‍තික්ෂේප කරන ලද හරයාත්මක යෝජනා  සම්බන්ධයෙන් අපි ඉදිරියේදී මැදිහත් විය යුතුයි මේවා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතුයි. මාර්තු මාසය වනවිට ලංකාව එකගවී ඇති යෝජනා ක්‍රියාත්මක  කරවා ගැනීමට අප මැදිහත් විය යුතුයි.
රටේ පුරවුුසියාගේ අයිතිය ප්‍රජාත්න්ත්‍රවාදය රැකගත යුතුයි. පශ්්චාත් යුද සමයේදී  කොහොමද වැඩ සිද්ධවෙන්නේ.  අවතැන්වුවන්ට සලකන ආකාරය, ඉඩම් මංකොල්ලය, ඉඩම් උදුරාගැනීම,  ඊයේ පෙරේචදා දමිළ සිසුන්ට පහර දුන් ආකාරය අපි දකිනවා. මේ සංවර්ධනය මුවාවෙන් ගෙනයන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අපි ක්‍රියාකාරීව මැදිහත් විය යුතුයි.”