VIP නාගරික මන්ත්‍රිවරයෙක් ??

0
65

මීගමුව දැන්   දිනෙන් දින විවිධ කරුණු අරභයා ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.මන්ත්‍රිවරුන් පවා නොදන්නා  මන්ත්‍රි වර්ෂ පුර්ණ උත්සව පවතින වෙනත් නගර ගැන අප නම් අසා නැත. එපමණක් නොව මාසයක් ඇතුලත වැඩිම සංගිත සංදර්ශන ප්‍රමාණයකට අනුග්‍රහය දක්වනු ලබන මන්ත්‍රිවරැන් ඇමති වරුන් සිටින්නේද මීගමුවේම පමණි.

දේශපාලකයන් අම්බානකට පිස්සු නැටුවත්  ඒවායේ වගක් නැතිව හිරිවැටුන සමාජයක් තිබේන්නේද මීගමුවේ පමණක් විය හැක.

දැන් මීගමුව ප්‍රසිද්ධියට පත්වෙමින් ඇත්ෙත් වැඩිම VIP වාහන සංඛ්‍යාවක් ඇති නගරය ලෙසින්ය.කොන්ත්‍රාත්කරුවන්ගේ සිට නාගරික මන්ත්‍රිවරුන් දක්වා පරාසයක මේ VIP උණ පැතිර යමින් තිබේ.

මේ සම්බන්ධයෙන් අප රථවාහන පොලිසියේ නිළධාරි මහතෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ නිසි අවසරය ලබාගත් ප්‍රභූ ගණයේ අය පමණක් එය භාවිතා කළ යුතු අතර අදාල ප්‍රභුවරයා නොමැති නම් ඔහු හෝ ඇයගේ රියදුරුවරයාටත් VIP සලකුණ සහිත වාහනය පැදිවිමට අවසර නැති බවය. ඔහු පැදවිය යුතුව ඇත්තේ ආදල VIP ලාංජනය ඉවත් කිරිමෙන් පසුවය.

අප වෙත තොරතුරක් සපයමින් අපගේ පාඨකයෙක් පවසා සිටිෙය් තමන් දන්නා තරමින් මීගමුව නගර සභාෙව් මන්ත්‍රිවරයෙක්ද VIPලාංජනය සහිත මෝටර් රථයක් පදවන බවය.