VIP පෝලිම් දාපු මිගමු දේශපාලකයන්ටත් චෝදනා.?

0
59

මේ දිනවල රටේම කථා බහට ලක්ව ඇති එක් පොදු මාතෘකාවක් වන්නේ කොරෝනා එන්නත අරබයා විවිධ ප්‍රදේශවල දේශපාලනයන් විසින් VIP පෝලිම් දමා කටයුතු කිරිම පිළිබදවයි.
මේ ගැන රටේම අවධානය වැඩියෙන්ම මතුවු සිදුවිම වාර්තා වුයේ මොරටුවෙනි.
එයට ප්‍රධාන හේතුව වි තිබුනේ එහි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරිය සිය තනතුරේ ගරුත්වය නිසි ලෙස රකිමින් කටයුතු කර තිබිම නිසාය.
එහෙත් රටේම වඩාත් දුෂිත එන්නත්කරණ වැඩසටහනක් එහෙම පිටින්ම මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුනේ මිගමුව තුලය.
එහෙත් මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා ඒ ගැන මුනිවත රැකිම නිසා මෙන්ම මිගමුවේ ප්‍රධාන ධාරාවට පුවත් සපයන වාර්තාකරුවන් විසින් ඒ ඇති තතු වාර්තා නොකිරිම නිසා මොරටුවේ මෙන්ම රටෙ කථාබහක් මේ ගැන ඇතිව තිබුනේ නැත.
තතු එසේව තිබියද මිගමුව නගරාධිපතිගේ ෆේස් බුක් පිටුවටම කොමෙන්ටුවක් ඔස්සේ බරපතල චෝදනාවක නගා ඇති ගිහාන් ප්‍රනාන්දු නැමැති පුරවැසියෙකු කියා ඇත්තේ මිගමුවේ එන්නත්කරණයද දුෂිත එකක් බවය.
ඒ ගැන විඩියෝ සාක්ෂි පවා ඇති බවද ඔහු කියා තිබේ.
මේ පුවතට ප්‍රතිචාර දක්වන නගරාධිපති දයාන් ලංසා මරු කථාවක් කියා තිබුණි.
එයට අනුව මොරටුවේ වගේ දුෂණ මිගමුවේ සිද්ද වෙලා නම් එයාගේ දුරකථන අංකයට කියන්නලු ඒයා ඒවට නීති මාර්ගයෙන් කටයුතු කරනවා යනුවෙනි.
ඒ ප්‍රකාශය තුල පවා ගැබ් වන්නේ එන්නත්කරණය අන්ත දුෂිත එකක් බවට පත්කළ මිගමුව නගරාධිපති තවමත් හැසිරෙන ආකාර ගැනය.
පෝලිම් වලින් පිට පමණක් නොව මිගමුවේ නොවන අයටද හිතවත් කම් මත එන්නත ලබාදි තිබුන අයුරු ගැන කියැවෙන ඡායාරුප පවා ෆේස් බුක් පිටුවල පසුගිය කාලය තුල පළව තිබුණි

කටාන පැත්තේ කාන්තාවෝ පිරිසක් හොර පාරෙන් එන්නත විදගෙන ෆෙස් බුක් පිටුවල නගරාධිපති දයාන් ලංසාට ස්තුති කරමින් සටහන්ද පළකර තිබුණි.


ඒපමණක් නොව පසුගිය දිනවල නගර සභාවේ පස්ස පැත්තෙන් ඇවිත් සුපිරි කාර්වලින් පැමිණ එන්නත ලබාගත් අන්දමද දැන් ප්‍රසිද්ධ රහසකි .