walk වලින් එහා ගිය 2013 අභියෝගය

0
61

Negombo-Newsඅධ්‍යාපනය අතින් මීගමුව අධ්‍යාපන කලාපය බස්නාහිරින්ම අන්තිම තැනට පත්ව තිබේ. ඒ ගිය වසරේ අපොස සා.පෙල ප්‍රථිපල වලට අනුවය. අධ්‍යාපන කලාප 11 කින් සමන්විත මේ පළාත තුල මීගමුව කලාපය මෙසේ 11 වෙනි තැනට පත්ව තිබුන අතර මීගමුව කලාපය තුලත් මීගමුව අධ්‍යාපන කොට්ටාශයේ තත්වය අන් අනෙක් කොට්ටාශ 2 ටම වඩා තිබෙන්නේ පිටුපසිනි.

මේ අනුව බලන අද මේ කලාපය තුල ප්‍රධාන අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ 2013 දි මේ කලාපයේ පාසැල්වල අධ්‍යාපනය කෙසේ නම් නගා සිටුවන්නේද යන කාරණයයි.

පුද්ගලික පාසැල් මුදල් හම්බ කිරිම ඉල්ලක්ක කරගෙන පාමන් සංවිධානය කිරිම අරභා තිබුණි. ඒ ුඅනුව යමින්දෝ නිව්ස්ට් බාලිකා පාසැලද පසුගියදා දැවැන්ත පාගමනක් සංවිධානය කර තිබුණි.ඒ සදහා විශාල මුදලක්ද වැය කර තිබුන අතර මේ වැය පියවා ගැනිම් සදහා ඒ දරුවෙක් හට රු 700 ක මුදලක් පාගමන සදහා වු ටී ෂර්ට් එකට පමණක් අය කරගෙන තිබුණිත මෙයට අමතර ටිකට් පොත් දෙකක්ද අලෙවි කළ යුතව තිබු බව වාර්ථා වේ.

මේ සියල්ල එහා ගිය අභියෝගයක් දැන් නිව්ස්ටඩ් බාලිකාවට මෙන්ම අනෙක් පාසැල්වලටද ඇති බව දැනෙන්නේ පසුගිය 5 ශිෂ්‍යත්ව ප්‍රථිපල විමර්ශනය කරන කළ ඉහල ලකුණු ලැබු මීගමුවේ සිස ුදරු දැරියන් 10 දෙනා අතරට නිව්ස්ටඩ් බාලිකාවේ කිසිවෙකුත් පැමිණ තිබුනේ නැත.

මේ තත්වය යටතේ අද මේ කලාපයේ සියළු පාසැල්වල අභියෝගය විය යුතුව ඇත්තේ 2013 දි බස්නාහිර පළාතෙන් තමන්ට හිමිව තිබු අන්තිම තැන මකා ඉදිරියට පැමිණිමය.

මෙය අලි පැටව් පෙරහැරේ ගෙන යනවාට වඩා අභිෙයා්ගයක් බව තේරුම්ගත යුතුව ඇත.