Zero Mosquito ව්‍යාපෘතිය අසාර්ථකයි ! මෙවරත් වැඩිම ඩෙංගු රෝගීන් නිමල් ලංසාගේ ගමෙන් ?

0
181

Dalupthoa-1052019 වසර මේ වන විට මිගමුව මහනගර සභා බලප්‍රදේශය තුල වාර්තා වි ඇති ඩෙංගු රෝගින් ගණන 500 ඉක්මවා තිබේ.මේ පිරිස අතුරින් 120 ක්ම වාර්ථා වි තිබුනේ ජුලි මාසයෙනි.
අගෝස්තු මස 15 වෙනි දින වන විට වාර්ථා වි ඇති ඩෙංගු රෝගින් ගණන 70 කි.මේ අනුව බලන කල අගොස්තු මාසයේ ඩෙංගු රෝගින් ගණන ජුලි මාසයේ සංඛ්‍යාද ඉක්මවා යා හැකි සෙයකි.
දැනට වාර්ථා වි ඇති මුළු ඩෙංගු රෝගින් ගණන වන 500 න් 120 ක්ම වාර්තා වි ඇත්තේ ඒත්තුකාල සහ දළුපත ප්‍රදේශවලිනි.
ඩෙංගු ඉහල අගයක් ගන්නා සෑම වසරකදිම වැඩිම ඩෙංගු රෝගින් ගණනක් වාර්ථා වන ප්‍රදේශය වන්නේ දළුපතය.
මීගමුව දශකයකටත් වඩා වැඩිකාලයක් පාලනය කරන නිමල් ලංසාගේ නිවස පිහිටා තිබෙන්නේද දළුපත විම මෙහි ඇති තවත් විශේෂයකි.
මීගමුව නගරාධිපති දයාන් ලංසා විසින් පසුගිය කාලය තුල දැවැන්ත ප්‍රචාරයක්ද ලබාදෙමින් Zero Mosquito නමින් නව ව්‍යාපෘතියක් දියත් කොට තිබුණි.
මේවා සාධාරණිය කරමින් විශාල ව්‍යාපෘති කම්කරුවන් ප්‍රමාණයක්ද බදවා ගැණුනි.
මේ සියල්ල සදහා වැය වන්නේ මහජන බදුල මුදල්ය.
2017 වසරේදි නිමල් ලංසා විසින් දැවැන්ත ඩෙංගු මර්ධන වැඩ පිළිවෙලක් මිගමු මහනගර සභාවේ බදු මුදල් වැයකරමින් කරන්නට යෙදුණි..
දැවැන්ත මාධ්‍ය සංදර්ශණයක්ද වු ඒ වැඩසටහන සදහා මහජන බදු මුදල් රුපියල් ලක්ෂ 91 ක් වැය කොට තිබුණි.
කෙසේ වෙතත් මේ සියලු මුදල් වැය කිරිම් ,මාධ්‍ය සංදර්ශණ, ව්‍යාපෘති කම්කරුවන් බදවා ගැනිම්  හරහා හෝ මිගමුවේ ඩෙංගු පාලනය කර ගැනිමට ලංසා පාලනයට අද නොහැකි වි තිබේ.
සැබැවින්ම දෛවයේ සරදම වන්නේ මෙවරත් වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් නිමල් ලංසාගේ නිවස පිහිටි දළුපතින් වාර්ථා වි තිබිමය.( නිමල් ලංසාගේ පවුලේ සාමාජිකයන්ට මෙය ගැටලුවක් නොවනුු ඇත්තේ ඔවුන් මේ වන විට ඕස්ට්‍රෙලියාවේ පදිංචිව සිටින බැවිනි.)