Zonta ශාඛාවක් මීගමුවටත්

0
381

DSC00005
වර්ෂ 1919 දී පිහිටුවා ගත් ජාත්‍යන්තර සංවිධානයක් වූ ”සොන්ටා ක්ලබ්” හී මීගමු ශාඛාව නිල වශයෙන් පිහිටුවා ගැනීම නිමිත්තෙන් විශේෂීත උත්සවයක් පසුගිය 07 වැනි ඉරු දින සවස
මීගමුව, ඒත්තුකාල ” ජෙට් වින්ග් සී ” හෝටලයේදී පැවැත්විණී.
රටවල් ගණනාවක කි‍්‍රයාකාරී වන සොන්ටා ක්ලබ් මීට වසර කිහිපයකට පෙරාතුව ශී‍්‍ර ලංකාවේද පිහිටුවා ගැනුණ අතර ඒ අනුව මෙරට ප‍්‍රථම ශාඛාව ආරම්භ කරන ලද්දේ කොළඹ ප‍්‍රදේශයේ ය.
ඉන් පසුව නුවර ප‍්‍රදේශයේද ශාඛා පිහිටුවා ගැනුණ අතර අනතුරුව ශාඛාවක් පිහිටුවා ගත්
අනෙක් ප‍්‍රදේශය වුයේ මීගමුව ප‍්‍රදේශයයි.
කාන්තාවන් විසින් කාන්තාවන් වෙනුවෙන් පිහිටුවා ගත් මෙම සංවිධානය විවිධ සමාජ ස්ථරයන් වලදී කාන්තාවන්ට සිදුවන ආසාධාරණයන්, පීඩාවන් සහ ගැටඵ වලින් ඔවුන් මුදවා කාන්තාවන්ට හිමි විය යුතු සම තත්වය ඇති කරමින් ලොව පුරා වෙසෙන සියඵ කාන්තාවන්ට මේ ලොව වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීමේ කාර්්‍යයභාරය වෙනුවෙන් කි‍්‍රයාකාරී වෙයි.
මේ සදහා නීතිමය, දේශපාලනික, ආර්ථික, අධ්‍යාපනික සහ සෞඛ්‍යසම්පන්න බව තුලින් ඔවුන් සවිබල ගැන්වීම මෙම සංවිධානයේ මුලික අරමුණයි.
මෙම උත්සවයේදී විශේෂ දෙසුම් කිහිපයක්ද පැවැත්විණි. එහිදී ප‍්‍රධාන ආරාධිත දේශනය සිදු කරන ලද්දේ කොළඹ, සොන්ටා කල්බ් හී සභාපතිනියක වන මහාචාර්්‍ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය විසිනි. මීගමුව සොන්ටා ක්ලබ් හී සභාපතිනිය වන ජැකී සැලෝන් අධිපතිනී ජැකී අපෝන්සු මහත්මිය විසින් පිළිගැනිමේ දේශනය පැවැත්වූවාය.
DSC00004
මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධත අමුත්තන් ලෙස මීගමුව, ප‍්‍රාදේශීය ලේකම් ඒ.කේ.
රෝහන අලවත්ත මහතා සහ ඇමරිකානු සංස්කෘතික සම්මේලනයේ ප‍්‍රධාන තානපති, මීගමුව බි‍්‍රටිෂ් ඔෆ්ටිකල් ආයතනයේ අධිපති දෘෂ්ඨී විශේෂඥ වෛද්‍ය එම්.එච්.සී.ජේ. ඉයන් මහතා ඇතුඵ පිරිසක් සහභාගී වුහ. එලෙසම සොන්ටා කල්බ්  කොළඹ , නුවර යන ශාඛාවල හිටපු සහ වර්තමාන නිලධාරිනියන් රැසක්ද මෙම උත්සවයට සහභාගී වී සිටියහ.
DSC00008DSC000071

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here