අකිලගේ අඩුව පුරවන්න මීගමුවේ නිශාන් පීරිස්

0
357

නිෂාන්

මීගමුව ශාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලයේ ණ්ඩායමේ හා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක වශයෙන් කටයුතු කල නිෂාන් පීරිස් ,ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන 3න් වන ටෙස්ට් තරගයට කැදවා තිබේ.

මේ වන විට තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ ගැටළු ඇතැයි  ICC ය කරන චෝදනාවක් නිසා එහි පරීක්ෂණ වෙත ගොස් ඇති අකිල ධනංජයගේ අඩුව පිරවීමට නිෂාන් පීරිස් කණ්ඩායමට එක්වීමට නියමිතය.

නිෂාන් පීරිස් පළමු පෙළ තරඟ 12කදී කඩුළු 38 දවාගෙන ඇති අතර ඔහුගේ සාමාන්‍ය 29.52කි.
එංගලන්තය සමග පැවැති පළමු පුහුණු තරගයේදී ඔහු කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.