අගමැති බැඳුම්කර කොමිසමට පැමිණෙයි

0
56

0001

මහබැංකු බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට තමාට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් තමා කොමිසමට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යහපාලන රජය අඩුපාඩු හදාගෙන ඉදිරියට යන ආණ්ඩුවක් බැවින් ඕනෑම කෙනෙකුට අපගේ වැරදි අඩුපාඩුකම් පෙන්වාදීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මහබැංකු බැදුම්කර ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබා දී යලිත් පිටතට පැමිණෙද්දී මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම වෙත අද පෙරවරු 9.50ට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා කොමිෂන් සභා භූමියෙන් පිටත්ව ගියේ පැය එකහමාරක පමණ කාලයක් කොමිසමට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මහබැංකු බැදුම්කර ජනාධිපති කොමිසමේ පරීක්ෂණවල දී තමන් පිළිබඳව ඉදිරිපත් වූ කරුණු, පැහැදිලි කිරීම සඳහායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවට පැමිණියේ. එම කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට මීට පෙර කිහිප වතාවක්ම දැනුම් දී තිබුණා. මෙරට ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකු සිය ධුරය දරමින් සිටිය දී කොමිසමක් හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය යහපාලන රජයේ තවත් සුවිශේෂී අවස්ථාවක් බවයි මහා සංඝරත්නය සහ විද්වතුන් පවසන්නේ.

 

උපුටාගැනීම – http://www.itnnews.lk