අගමැතිවරයා ඉතාලිය බලා පිටත්වේ.

0
91

දැනටමත් මහත් ආන්දෝලනයකට තුඩු දි ඇති අගමැතිවරයාගේ ඉතාලි ගමන අද අලුයම ආරම්භ කෙරුන බව වාර්තාවේ.

ඉතාලියේ බොලොඤ්⁣ෙඤා හි විශ්ව විද්‍යාල පැවැත්වෙන සමලුවකදි සමාරම්ක දේශනයක පැවැත්විමට නියමිත බවද පැවසේ.

අගමැතිවරයා වතිකානුවේදි පාප්තුමන් බැහැදැක පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ ප්‍රගතිය ගැන කරුණ කිමට සුදානම් බව රජය විසින් මුලදි ප්‍රකාශ කොට තිබුණි.කෙසේ වෙතත් කාර්දිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව මේ පිලිබදව දැඩි විවේචනයක් ඉදිරිපත් කිරිමත් සමඟින් විදේශ කටයුතු අමාත්‍යංශය මෙන්ම අගමැති කාර්යාලයද කියා සිටියේ වතිකානුවට යාමට කිසිදු අදහසක් නැති බවය.

⁣⁣මේ අතර ඉතාලියේ සිටින කතෝලික පියතුමන්ලා මෙන්ම ශ්‍රිලාංකිකයන්ද අගමැතිවරයාට එරෙහිව විරෝධය පළකිරිමට පෙළගැසෙමින් සිටින බවද වාර්තාවේ.මෙයට අදාල තොරතුරු කිපයක්ම ඊයේ දිනයේ සමාජ මාධ්‍ය වලද පළකොට තිබුණි.