අචලා, චමිලා..සහ සිත්ති..

0
69

ව්‍යෛ නොසැලකිල්ල අද රටේ නැවතත් කථා බහ අතරට පැමිණ තිබේ.ඒ නිති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් වු අචලා නම් වු යවතියට සිදුව අසාධාරනය පෙර   දැරි කරගෙනය.
මේ සංවාදය ඉතා හොදය.එක් පැත්තකින් ව්‍යෛවරුන් වෙත කෙරෙන විචේනයන්ය.අනික් පැත්තෙන් ඇයට කෘතිම අතක් ලබාගැනිම පිළිබදව කෙරෙන බලපෑම්ය නැත්නම් ඉස්තරම් කෘතිම අතක් ලබාදිම වෙනුවෙන් වු ඉදිරිපත්විම් ගැන මාධ්‍ය සංදර්ශනය.
මේ අතර අප දන්නා තරමින් ගෙවනු වසර කිපය පුරා වෛද්‍ය නොසැලකිල්ල පිලිබදව යම් සංවාදයක් කරලියට පැමිණ අවස්ථා කිපයක්ම  විය.
ඉන් එකක් වුයේ වසර 2005 මාර්තු මාසයේ දිනක මීගමුව රෝහලේදි සිත්ති නසිරා නම් වු කාන්තාවකගේ පාදයක් කැපිම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත සිදුව තිබිමයි.
එහෙත් ඒ සිදුවිම ගැන විශාල මාධ්‍ය උද්යෝගයක් මතුව ආවේ නැත. එපමණක් නොව සිත්ති නසිරාට කෘතිම පාදයක් දිමට හෝ කිසිවෙකුත් ඉදිරිපත් වුයේද නැත.
2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා තරුණියක ඝාතනයට ලක්විය. ඇය මොනරාගල පදිංචි මේ ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කළ දුප්පත් පවුලක 23 හැවිරිදි චමිලා නම් වු තරුණියකිත
සැකකරු වුයේ සිමා වාසික වෛද්‍යවරයෙකි.
සිත්ති ගැන හෝ චමිලා ගැන මාධ්‍ය වලට මෙන්ම බලධාරින්ටද අමතක විය. ඇත්ත නම් එය අමතක කලේය.
හේතුව සිත්ති සහ දුප්පත් චමිලා මාධ්‍යයට අචලා තරම් මාකට් කිරිමට නොහැක.හේතුව අචලා නිති සිසුවියකි.චමිලා ඇගලුම් කම්හලක සේවිකාවකි.
චමිලා ඝාතනයට ලක්ව වසර 5 ක් දැන් ඉක්මවා ගොසිනි.
ඇයගේ  මරණය සම්බන්ධයෙන් වන නඩු විභාගය 2013 මාර්තු 05 වනදාට යෙදි ඇත.