අටපාස් නැති වරදට ජිවිතෙන් වන්දි ගෙවන්න සිදුවූ සීදුවේ කම්කරුවෝ

0
52

1කටුනායක සීදුව නගර සභා ගොඩනැගිල්ලේ වහලය මත නැගි මේ වන විට කම්කරුවන් 9 දෙනෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඔවුන් පවසා සිටින්නේ අට පාස් නැති වරදට දැන් අපට ජිවිතෙන් වන්දි ගෙවන්නට සිදුව ඇති බවය.
ව්‍යපෘති කම්කරුවන් ලෙසින් සේවයට බදවාගෙන ඇති මේ කම්කරුවන්ගෙන් බහුතරයක් දෙනා පසුගිය කාලය තුල ස්ථර කර තිබුණද තවත් සේවකයන් 22 දෙදෙනෙකු ස්ථිර කිරිම මෙසේ අත්හිටුවා තිබේ.3
එයට හේතුව ලෙසින් ඔවුන් පවසන්නේ තමන් අට පාස් නැති නිසාය බවය. එහෙත් මේ අයගේ සේවය ස්ථිර කිරිමට ආදාල චක්‍රලේඛනයේ දැක්වෙන්නේ අට පාස් නැති කම්කරුවන් වෙනුවෙන් දින 5 ක් විශේෂ පුුහුණු වැඩමුළුවක් පවත්වා ඒ සහතිකය පදන් කොට ගෙන ඔවුන් ස්ථිර කිරිමේ ඉඩකඩක් පවති.
තතු එසේව තිබියදි 2016 මේ කම්කරුවන් වෙත එළඹෙන්නේ වසර ගණනාවක් දිනකට රු 700 ක පඩියකට නගරයේම කුණු ජාරාව අතපත ගාමින් වියපත්වුවන් ලෙසින් රස්සාවක් නැති අසරණයන් ලෙසින් පියනගන්නටය.2
මේ 22 දෙනා අතර සිටින එකම කාන්තාව මෙසේ වහලට නැග්ග මුල්ම තැනැත්තිය විය.ඇය කියා සිටින්නේ රැකියාව නොලැබෙන්නේ  නම් වහලෙන් බහින්නේ නැතිවම සිය විරෝධතාවය ගෙන යන බවය.