අතරමැදියන් පාරිභෝගික සහන ගසාකන්නේ නම් පැමිණිලි කරන්න.

0
82
නව එජය විසින් ජනතාව වෙත ලබාදි ඇති සහන එලෙසින්ම ජනයාට නොලැබෙන බවට රටපුරා මැසිවිලි නැගෙන්නට පටන් ගෙනය.මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි ජනයා විමසාලමින් සිටිති.
මේ ප්‍රශ්ණය ගැන අදහස් දක්වා සිටි ජනමාධ්‍ය පාර්ලිමේන්තු හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබුනේ රජය මගින් පාරිභෝගික ජනතාව වෙත ලබා දී ඇති සහන නිසි අයුරින් ජනතාවට නොලැබෙන බව රටේ විවිධ ප්‍රදේශවල දී ජනතාව තමාවෙත පැවසූ බවත් මේ තත්ත්වය යටතේ රජය ද මහත් අසීරුතාවට පත් වන නිසා රජය මඟින් පාරිභෝගික ජනතාවට ලබා දුන් සහන නිසි අයුරින් නොලැබීම් පිළිබඳ පැමිණිලි කිරීමට දුරකථන අංකයක් පැය 24 පුරා ක්‍රියාත්මක බවත්ය.
දුරකථන අංක 1977 මේ සඳහා විවෘතව ඇති බවත්, ඊට අමතරව පාරිභෝගික අධිකාරියේ වැටලීම් භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ 077-1088922 අංකය ඇමතීමෙන් ද පැමිණිලි කිරීමට හැකි බව ද, ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.Gayantha-415x260

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here