අත්පුඩියෙන් වැඩ පෙන්නපු SLBC සභාපති ‌දවස් දෙකෙන් දොට්ට!

0
143
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පසුගිය 30 දා වැඩබාර ගත් රෝහණ දේව පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව ජනමාධ්‍ය අමාත්‍යංශය ආරංචිමාර්ග පවසයි.

ඊට අදාල ලිපිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් ගුවන් විදුලි අධක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත අද (03) පෙරවරුවේ දී යොමුකර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

ඩී.එම්.කොළඹගේ ලා, තේවිස් ගුරුගේ ලා, ලිවි විජේමාන්න ලා, රිජ්වේ තිලකරත්න ලා, ලලිත් එස්. මෛත්‍රීපාල ලා, ජනදාස පීරිස් ලා, සුනිල් සරත් පෙරේර ලා හෙබැවූ මෙම ධූරය හෙබැවීමට පත් කර තිබු  රෝහණ දේව පෙරේරා සිය ධුරයේ වැඩබාර ගනිමින් මෙසේ පැවසිය.

වීඩියෝ

ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වු රෝහණ දේව පෙරේරා ගුවන් විදුලි පරිශ්‍රයේ දි වැඩ බාර ගත් අවස්ථාවේ අනුශාසනාවක් කරමින් නාරාහෙන්පිට අභයාරාම විහාරාධිපති එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුයේ, මේ රටේ තිබුණ අවසනාවන්ත දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කර යහපාලනයක් ගෙන එන්නට පමණක් නොව රට නවීකරණය කර ඉදිරියට ගෙනියන්න ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත් වු රෝහණ දේව මහතා ලබා දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකි බවයි.
theleader.lk