අතුරුදහන්වුවන්ගේ මව්රුන්ගේ රැස්විමට බොදුබලය කඩාපැන යකා නටයි.

0
56

BBS1BBS2BBS 3jaff105උතුරේ අතුරුදහන්වුවන්ගේ මව්වරුන් පිරිසක් සහභාගි වන රැස්විමක් මේ අවස්ථාවේදි කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්වේ.
ඒ අවස්ථාවට කඩාවැදි ඇති බොදු බල සේනාවේ පිරිස් බලහත්කාරයෙන් රැස්විම් ශාලාවට ඇතුළුව එය කඩාකප්පල් කිරිමට කටයුතු  කර ඇත.
එහි පැමිණ ඇති පොලිසිය පවා සංවිධායකයන් වෙත දන්වා ඇත්තේ රැස්විම අත්හිටුවන ලෙසය.
වාර්ථා වන අන්දමට මේ වන විට බොදු බලසේනා සාමාජිකයන් මරදාන පාතිමා දේවස්ථානය ඉදිරිපිට ගේට්ටුව අසලට වි සිටින අතර සංවිධාකයන් රැස්විම නොනවත්වාම කරගෙන යන බවය.