අතුරුදහන්වූවන් සිහිකිරීමේ ජාතික දින සැමරැම 22වන වරටත් රද්දොළුවේදී

0
73

මෙරට දේශපාලන සංස්කෘතිය තුළ තවමත් අපරාධයක් ලෙස සිදුවන පුද්ගලයන් අතුරුදහන් කිරීම් හා පැහැරගැනිම් හා ඝාතන වලට එරෙහිව 1991 වසරේදී ආරම්භ කළ අතුරැදහන්වූවන් සැමරීමේ ජාතික දින සැමරැම අද සීදුව රද්දොළුව මංසන්දියේදී සිදුකෙරිණි. සීදුව රද්දොළුව අතුරැදහන්වූවන්වන්ගේ ස්මාරකය ඉදිරිපිටදී මෙම සමරු උත්සවය අද සැමරුවේ 22 වන වරටය. මෙම අවස්ථාව නියෝජනය කිරීමට දකුණේ අතුරැදහන්වූළුන්ගේ මාපියන් මෙන්ම උතුරේ දරැවන් අහිමිවූ මව්වරුන් හා ඥාතීන් ද සහභාගී වූහ. මෙහිදී ප්‍රධාන දෙසුම් ගරු ජෙයබාලන් කෘෘස් පියතුමා, ගරු බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිෙටා් ප්‍රනාන්දු ,කතිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, , නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන අය විසින් සිදුකරන ලදී.මෙම සමරු උත්සවය අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කරන ලදී.