අද ඉදන් ගෑස් බහින්නේ ලිට්‍රොලාගේ සහ ලාෆ්ලාගේ පමණක්ද ?

0
62
laufsගෑස් මිල අඩුකිරීමට අයවැයෙන් කරන ලද යෝජනාව අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි අඩුකිරීමට පියවර ගත් බව එම සමාගමේ විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පවසන බව අද දෙරණ වාර්ථා කර තිබේ.ඒ අනුව කි.ග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රු.1346 ක මිලකට කොළඹ ප්‍රදේශයේ ලබාගත හැකි බව හෙතෙම නිවේදනය කර තිබේ.

එසේම කි.ග්‍රෑම් 5 ක් බරැති ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රු.572ක මුදලකටද, කි.ග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රු.273 ටද ලබාගත හැකිබව ඔහු කියා සිටියි.

මේ අනුව අද දෙරණ කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රකාශිකාවක කියා සිටියේ  අද මධ්‍යම රාත්‍රීයේ සිට ලා‍ෆ් ගෑස් සිලින්ඩරයක ද මිල අඩුවන අද දෙරණ වෙබ් අඩවිය කියා සිටි.

ඒ අනුව කි.ග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක මිල රු.1346 ක මිලකට  හා කි.ග්‍රෑම් 5 ක් බරැති ලාෆ් ගෑස් සිලින්ඩරයක් රු.572ක මිලට ලබාගත හැකි බව ඇය අද දෙරණට කියා සිටියා ඇත.