අද ගුරු වැටුප් දිනයයි – මීගමුව සා. මරියා විදුහලේ ගුරුවරුන් අමාරුවේ ?

0
136

2016 දෙසැම්බර්  මාසයේ 20 ගුරු වැටුප් දිනයකි. මීගමුව සාන්ත මරියා මහ විදුහලේ ගුරුවරුන්ගේ වැටුප් ලබාගැනීමට නොහැකි තත්වයක්  එම විදුහලේ ගුරුවරුන් සියයකට අධික සංඛ්‍යාවකට මේ වනවිට උදාවී ඇති බව එම විදුහලෙන් වාර්තා වේ. මෙයට හේතුව විදුහල්පති පියතුමා විසින් ගුරුවරුන්ගේ වේතන සහිත චෙක් වලට අත්සන් තබා නොමැති වීමයි.  දින කීපයකින් පසු නත්තල් උත්සවය එළඹෙන බැවින් අද දින වැටුප් ලබාගැනීම කතෝලික ගුරුවරුන්ට අත්‍යඅවශ්‍යය වුවත් මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා සූදානම්ව කටයතු නොකිරීමේ විපාකය අද සාන්ත මරියා විදුහලේ ගුරුවරුන්ට විදින්නට සිදුවී ඇත. අද දින මීගමුව සාන්ත මරියා මහ විදුහලේ විදුහල්පති පියතුමා රාජකාරි නිවාඩු බැවින් තමන්ගේ වැටුප් ප්‍රශ්නය විසදා දෙන තෙක් ගුරුවරුන් බලා හිදින බවත් වාර්තා වෙයි.
මේ අතර සමහර පාසල් වල පූර්ව උත්සව දීමනා ලබාදීමටත් කලට වේලාවට කටයුතු කර නැති බවත් සමහර ගුරුවරුන් චෝදනා කරති.stock-vector-cartoon-of-a-professor-teaching-136814390