අද ගුරුවරුන්ට නෑසෙන… පළමු ගුරුවරයාගේ ගීතය

0
1097

 

සමාජවාදී සොවියට් රුසියානු සාහිත්‍ය ලොවට දායාද කළ අග්‍රගන්‍ය සාහිත්‍ය කෘතියකි ගුරු ගීතය. අද මෙම සාහිත්‍ය පිටුව චිත්‍රපට විචාරයෙන් ඔබ්බට ගිය යමක් කීමට උත්සාහ කර ඇත. එනම් පොතක් ගැන යමක්ය. චිත්‍රපටි බැලීමට චිත්‍රපටි ශාලාවට කෙසේ වෙතත් අවම වශයෙන්
මාධ්‍ය වලින් නැරඹීමක් කළ හැකි වුව ද පොත් කිව්වොත්  බුදු අම්මෝ  යන තරමට පිළිතුරු ලැඛෙන පසුගාමී වූ සමාජයක, මේ ලියන විචාරය ද ජන සමාජය තුළ කෙතරම් අදාළ වන්නේ ද යන ගැටළුව නිතැතින්ම පැන නගී.
එහෙත් හාස්‍යය නම් සමාජය මග හරින, ප්‍රතික්ෂේප කරන දේ තුළම යථාර්තය අභිමුඛ වීමයි.
පොත නම් කුඩාය. එක හුස්මට පැයක් තුළ දී කියවා දැමිය හැක. එහෙත් මේ කුඩා පොත විටෙක කදු පර්වත පවා දෙදරවා හරියි.
ගුරුකම කාසි වලට විකුණා ටියුෂන් කඩ කරන පරමාදර්ශයක් ජීවත් කරනු වෙනුවට එය කාබාසිනියා කරන ගුරුවරුනි දුයිෂෙන් නුඹලාට උගන්වයි, මිනිස් ජීවිතය පහසු කරවූ  ..  මිනිස් ආදරයට කඩා වැදිලා, ආදරයක් පහසු කරලා, ඒ එක්කම එය නීරස කරලා. ආදරය නැති ප්රනැඑ වැලන්ටයින් ඩේ,  ිපි චසජඑමරුි ණත‍ක‍ ඵක‍ යකාට ගිය නිර්මාණශීලී පෙම් හසුන් සාහිත්‍ය … අහෝ පෙම්වතුනි පෙම්වතියනි ෟ මේවා සමඟ ඔට්ටු වන නුඹලාට දුයිෂෙන් – අල්තිනායි පවසන දේ බලන්න.
රුසියානු සාහිත්‍ය හොඳය. මට හමුවන පොත පත කියවන බොහෝ අය පවසන දෙයකි, අදටත් අපි මැක්සිම් ගෝර්කිගේ අම්මා රසවිඳින බව, ටෝල්ස්ටෝයි, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ඇන්ටන් චෙකොෆ් වැන්නන්ගේ නිර්මාණ කියවන බව. එහෙත් බොහෝ අයට අමතක වන මේ යට ඇති කථාව, එනම් රුසියාව බිහිවූ කතාව නොකියවෙයි.
මෙය අමතක කර රසවිඳින නිර්මාණයට කිසිදු පදනමක් බිහිනොවෙයි. විශේෂයෙන්ම ගුරු ගීතයට එය අමතක කර දැමීමට කිසිසේත්ම නොහැකිය. 1917 රුසියානු විප්ලවයෙන් පසු ඈත පිටිසර කඳුකර ප්‍රදේශයක් වූ කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපිත වන එක්දාස් නවසිය විසිගණන් වල වූ සැබෑ අත්දැකීම් මේ කෘතියට වස්තු බීජ වී ඇත.
1928 උපන් කිර්ගීස් ජාතිකයෙකු වූ චිංගීස් අයිත්මාතව් සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය (රාජ්‍ය ත්‍යාගය) දිනාගත්තෙකි. එමෙන්ම වර්තමාන කිර්ගීසියාවේ රුසියානු තානාපති ද වේ. (බිඳවැටුනු සොවියට් රුසියාවේ)
මහා මිනිස් ආදරයක, කැපකිරීමක අගනා ආදර්ශයක් වූ මුළු ලොවටම දුන් 1917 ශ්‍රේෂඨ ඔක්තෝම්බර් විප්ලවය එදා පැවති දරදඩු සාර් රාජාණ්ඩුවක් ධනපති පංතියේ නින්දිත සූරාකෑමක්, සහමුලින්ම උදුරාදමා නව අර්ථක්‍රමයකට රුසියානු සමාජය පරිවර්තනය කිරීමට නායකත්වය දුන් ඒ මහා මිනිස් සිතන්නා වූ ව්ලද්මීර් ඉලයිච් ලෙනින් ඊළඟට මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ ළදරු සෝවියට් රුසියානු සමූහාණ්ඩුව ගොඩනැගීමයි. රුසියාවේ දස අතට විසුරුවා හැර සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (බොල්ෂෙවික්වරු විප්ලවයට නායකත්වය දුන් පක්ෂය ) මෙන්ම තරුණ කොම්සොමොල් සංගමය ද ( තරුණ කොමියුනිස්ට් සංගමය ) මෙම අභියෝගය භාරගත් පිරිසට අයත්ය.
ගොවිකම හැර අන්කිසි දෙයක් නොදත් අකුරු සාස්තරයක් කියා ඉස්කෝලයක් හෝ නොදත් සෝවියට් සමූහාණ්ඩුවේ ඈත පිටිසර කීර්ගීසයේ අතිශය ග්‍රාම්‍ය පෙදෙසක් වූ ගම්බද පරිපාලන ඒකකයක් වන (අයිලය) …. ප්‍රදේශයට එක්තරා තරුණයෙකු පැමිණෙයි. ඔහු දුයිෂෙන්ය. ඔහු.. තරුණ කොම්සෝල්වරයෙකි. ළදරු සෝවියට් රුසියාවේ අනාගතය උදෙසා තිර අදිටනින් කැපවූ එඩිතර තරුණයෙකි. ඔහුට ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි නැත. බාගවිට ඔහු ද සම්පූර්ණයෙන්ම අකුරු දන්නේ ද නැත. එහෙත් ඔහු දිගුකාලීන ව්‍යාපෘතියක් තුළ වැඩ කරයි. හැමවිටම ඔහුගේ සිහින ඉදිරිගාමීවේ.
අල්තිනායි මේ වන විට වයස අවුරුදු 14ක නව යොවුන් වියේ පසුවූ තරුණියක් වූවාය. තම තරුණ පරම්පරාවන් විසින් උරුමකර දුන් ඒ ග්‍රාමය ඉරණම එනම් ඉපදී ගේ දොර වැඩකොට ගොවිතැන් වලට උදව් වී ඉතා අඩු වයසින් වීවාහ වී දරු මල්ලන් හදා වඩා අතිවිශාල ශ්‍රමික ජීවිතයක් විඳ එම පොළොවටම දියවී යන ඈත පිටිසර රුසියානු ස්ත්‍රීන් එකල දැකිය හැකි සාමාන්‍ය තත්වයයි. එහෙත් විප්ලවය මෙම තත්වය වෙනස් කරයි. කාගේත් හව්හරණක් නොමැති අනාථ දැරියක් වූ අල්තිනායි පසුකලෙක මුළු කුර්කුරේඋව ප්‍රදේශයම බැබලවූ  අල්තිනායි සුලෙයිමානවා නම් වූ මහාචාර්යවරිය වෙයි. දුයිෂෙන්ගේ ආදරය, කැපවීම, නිවැරදි මගපෙන්වීම, අල්තිනායිට අයිලයෙන් එපිට වූ අලූත් ලෝකයක් විවර කර දෙයි.
දුයිෂෙන්ට ආදරයත්  ගුරුකමෙත් වෙනස වඩා හොඳින් තේරෙයි. ඇත්තෙන්ම ඔහු ඇයට බොහෝ සේ ආලය කරයි. ඒහෙත් ඒ බැඳීම කිසිකලෙක පිටට මතුවූ ප්‍රකාශ වූවක් නොව අල්තිනායිගේ ගමන් මඟ ශක්තිමත් කළ අදෘෂමාන ශක්තියක් ලෙස ඇය පිටුපස සිටි එකකි. අල්තිනායි ද මේ පුදුමාකාර අධිෂ්ඨානශීලි මිනිසාට ආලයෙන් බැදෙයි. විටෙක තම නැන්දනියගේ  අභිමතය පරිදි මුදල් කෑදරකමෙන් අල්තිනායිව පාදඩයෙකුට විවාහය සඳහා පවරා දුන් මොහොතේ ඇයව බලෙන් පැහැර ගැනීමට මැරයින් සමඟ පාසලට පැමිණි විට දුයිෂෙන් තම පාසලේ ශිෂ්‍යාවන් බේරාගැනීමට අධිෂ්ඨානශීලීව කරන සටන හා අවසානයේ රුදුරු ලෙස පහර කා ඇද වැටුණ මොහොත ගුරුවරයෙකු තුළ තිබිය යුතු පරමාදර්ශී ගුණය අපට පෙන්වා දෙයි.
අවසානයේ එම පාදඩයා අතින් දූෂණය වූ අල්තිනායිගේ ජීවිතය අන්තීමටම කඩාවැටුණ මොහොතේ දී ඇයව දිරිමත්කොට එම උවදුරෙන් බේරා සෝවියට් අනුමැතිය ඇතිව උසස් අධ්‍යාපනය කරා නගරයට යැවීමට මැදහත් වන්නේ ද දුයිෂෙන් ය.
අල්තිනායි, දැන් උඹයි, මමයි එක වැඩක් කරමු.යි ඔහු මඳ සිනා පෑවේය. අපි මේ පැලෑටි දෙක හිටවමු.මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස්වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා හොඳ කෙනෙකු වේවි. ඔවුන් සිටුවන ලද මෙම පොප්ලර් පැලෑටි දෙක පසුකලෙක මුළු අයිලය පුරා වැජඹෙන  කඳූ මුදුන මත දිදුලන ආදරයේ සංකේතයක් බවට පත්විය.
දුයිෂෙන් ඔහුගේ ආදරය සංකේතවත්  කරන්නේ එලෙසටය. අල්තිනායි තුළ ඔහු ගැන ඇතිවූ ආදරය කෘතිය තුළ මෙලෙස ප්‍රකාශ වෙයි. ගුරුතුමාණනී, ඔබ විනීත ගති ඇති උත්තමයෙකි. ඔබේ ගෙල බදා සිපගැනීමට මා කැමතියි.   එහෙත් මේ වචන ඇයට කිසිකලෙක සෘජුව ප්‍රකාශ කිරීමට නොහැකි වෙයි.
එය ආදරයේ ස්වරූපයයි.
ඇය නගරයට ගිය පසු කිසිකලෙක දුයිෂෙන් මුණ නොගැසුනි. දුයිෂෙන් ඔහුගේ අයිලයේ කාර්ය පසෙක දා දෙවන ලෝක යුද්ධයේ රුසියාව රැකගැනීමේ යුද පෙරමුණට යයි. එහෙත් ඇය දුයිෂෙන්ට ආදරය කරන බව ලිපියක් ලියයි. එහෙත් ඇයට පිළිතුරු නොලැඛෙයි. මේ ගුරුවරයා තම ශිෂ්‍යාවගේ අරමුණ වෙතට යාම හා අධ්‍යාපනයට උදව් කරන්නේ මෙතැනය. ඇයගේ අධ්‍යාපනයට බාධා නොකරයි. ගුරුවරයාගේ ගුරුකම මෙතැනදී හේ අකුරටම රකියි.
මෙතැනදී මම ඔබට යමක් අවධාරණය කිරීමට කැමැත්තෙමි. එනම් ආදරයේ දී ඇතිවන බාධාව ගැන මේ බාධාව පවතින තාක් කල් ආදරය පවතී. එයට රසයක්, විඳීමක් ඇතිවන්නේ එවිටය. දුයිෂෙන් සාමාන්‍ය ජන සමාජය වෙනස් කරනු වස් ඔහු තුළ වු දේශපාලනික කැපකිරීමක් ඔහුගේ අවසාන අරමුණ සඳහා අල්තිනායීව යොමු කිරීමක් ඇය කෙරෙහි වූ ආදරයත් අතර ඇතිවන මෙම බාධාව, ද්වීඝට්ටනය මනාව මෙම කෘතිය තුළින් නිරූපනය වේ.
අල්තිනායි කොපමණ මහන්සි වී තම ආදරණීය ගුරුතුමාව සෙව්ව ද ඔහු මුණ නොගැසුණු මෙම බාධාව ඇය හද තුළ සදාකාලික පරමාදර්ශී ආදරයක් ඉතිරි කරයි.
අවසානයේ දී අල්තිනායි වෙන කෙනෙකු සමඟ විවාහ වී දරු ඵල ද ලබයි. අයිලයේ අලූතින් සාදන ලද පාසල හා නේවාසිකාගාරය දුයිෂෙන් සිහිවීම පිණිස දුයිෂෙන් ගේ පාසල දුයිෂෙන්ගේ පාසල ලෙස හඳුන්වයි.
චිංගීස් අයිත්මාතව්ගේ ගුරුගීතය පොත සමඟම දුයිෂෙන් අත්දැකීම මුළු රුසියාව පුරා ජීවත් වූ සැබෑ විප්ලවවාදීන්ගේ අත්දැකීමට මුසුව ජීවත්වීමට පටන් ගනියි. රුසියානු විප්ලවය ලොවට දායාද කලේ මෙවැනි පරමාදර්ශී මිනිසුන් ය.
වර්තමාන ලාංකීය පොළොව තුළ නොමැති මෙම අත්දැකීම, පෙම්වතුන් පෙම්වතියන් අත්නොදකින මෙම ජීවිතය ගැන ලිවීමට මට මේ මොහොතේ බැරිය. එය වෙනත් විශාල අධ්‍යයන ක්ෂේත්‍රයක් අපට විවර කර දෙයි. දියුණු පරිවර්තන සාහිත්‍යයක් අයිතිකර නොගත් අප හට වෙළඳපොළ තර්කනයක් තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර ජාලයක, මානසික රෝගී සන්දර්භයක් හා ඌන නිෂ්පාදිත තත්ත්වයක් තුළ උණු කැවුම් වගේ නිපදවන බොළඳ සිංහල නවකථා කියවන අපහට සිතීමට යමක් ඉතිරි කිරීම මගේ අරමුණයි. අරමුණ කොතෙක් දුරට සාර්ථක වුවාදැයි මම නොදනිමි.  කෙසේ වෙතත් ආදරයේ නාමයෙන් දුයිෂෙන් – අල්තිනායි මහ පොළොව  තුළ නැවතත් ජීවත් විය යුතුමය. එවැනි ආදරයක් වර්තමානයට කැඳවාගෙන ඒමේ භාරදූර කාර්යන් වලින් ලෝකය වෙනස් නොවෙන කලෙක, කළ යුතුව ඇත්තේ ද වෙනස් විදිහකට ආදරය කිරීම පමණකි.

සටහන – ප්‍රින්කා –
උපුටනය මීපුර පුවත් පත