අද මහ නගර සභාවේ ට්‍රක් රථයක් සහ සේවකයන් 4ක් මඩු පල්ලියට ගියේ ඇයි ?

0
69

අද පෙරවරුවේදී මීගමුව මහ නගර සභාවේ ඇති බූම් ට්‍රක් රථය නාගරික මන්ත්‍රී  දයාන් ලාන්සා විසින්  නැවතත්  මඩුපල්ලිය ප්‍රදේශයේ තැනෙන සිය පුද්ගලික නිවසේ වැඩකටයුතු සදහා ගෙනගොස් ඇති අතර  මගදී එහි ටයර් දෙකක් පිලිස්සී පැච් එකක් ගොස් තිබේ.  මෙම  පැච් එක දැමීමට  මීගමුව නගර සභාවේ  ගබඩාවෙන් ටයර් දෙකක්  වාහනයක දමා  යවා ඇති බවද වාර්තා වේ.
එමෙන්ම මෙම බූම් ට්‍රක්රථය සමග නගර සභාවේ සේවකයන් හතරදෙනෙකු සහ රියදුරෙකු  යොදවා  ඇති බවත් වාර්තා වේ.
මෙලෙස මෙම බූම් ට්‍රක් රථය ගෙනගොස් ඇත්තේ දයාන් ලාන්සා විසින්  මඩුපල්ලිය ආසන්නයේ ඉඩමක ඉදිකරමින් සිටින නිවසේ වැඩකටයුතු සදහා වන අතර මෙම නිවස පරණ නිවසකි. එය දයාන් ලාන්සා විසින්  නැවතත්  අලුතින් ඉදිකරමින් පවතින අතර අද මෙම බූම් ට්‍රක් රථයෙන් ඒ සදහා අවශ්‍ය ගල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම වාහනයේ පැච් එකක් ගොස් තිබේ.
  තමන්ගේ පුද්ගලික ඉදිකිරිම් සදහා නගර සභා දේපළ සහ  සේවකයන් ද යොදවා ගැනීම සම්බන්ධයෙන් මීගමුව නගරාධිපතිවරයාගේද විරෝධයක් හෝ මැදිහත්වීමක් මේ වනතෙක් සිදුවී නොමැති බව මීගමුව මහ නගර සභා ආරංචි මාර්ග වලින් තහවුරු වේ. මෙය නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර මහජන දේපළ හා රාජ්‍ය  සතු දේපළ අවපරිහරණය කිරීමකි.  මෙම නීති විරෝධී ක්‍රියාව  සදහා අද දින යොදවා ඇති සේවකයන් වන්නේ නිශාන්ත ,පාලිත, අජිත් නෙල්සන්, සුනිත් ලාලිත, සහ දම්මික යන රියදුරු මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here