අද මීගමුව රෝහලේ අතුරු වෛද්‍ය සේවාවන්වල වර්ජනයට හේතුව ත්‍රි හමුදා හෙද සේවය ද ?

0
230

Army nurseඊයේ දිනයේ පැවැති අතුරු වෛද්‍ය සේවාවවන්වල වර්ජනය අවස්ථාවේ රෝගි සේවාවන් සදහා ත්‍රිවිධ හමුදාවන්වල  සේවාව ලබාගැනිම නිසා එයට නිළ නොවන අන්දමින් විරෝධය පළකරමින් මීගමුව රෝහල තුල තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක වෙමින් තිබේ.
හෙද හෙදියන්,   රසායනාගාර කාර්මික ශිල්පින් , ඖෂධවේදීන්,එක්ස් රේ ඊ සි ජී ඇතුළු  අතුරු වෛද්‍ය සේවාවවන්වල නියුතු සියලු දෙනා මෙම වර්ජනයට එක්ව සිටිති.
ත්‍රිවිධ හමුදාවන්වල සේවය නිසා තමන්ට විශාල සහනයක් වු බව මිපුර අමතා කථා කළ රෝගින් කිපදෙනෙකු අවධාරණය කර තිබුණී.

 

.