‘‘අද වයඹ ප්‍රවාහන අධිකාරිය කියන්නේ හොර ගුහාවක්,, වයඹ පළාත් සභාවේ විපක්ෂනායක කියයි

0
332

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ මහජන මන්ත්‍රණ සභාව  අමතමින් වයඹ පළාත් සභාවේ විපක්ෂනායක ෂමල් සෙනරත් මහතා විසින් කුරුනෑගල තරුණ බෙෘද්ධ ශාලාවේදී කළ කතාව )
‘‘මේ පළාතේ  නිත්‍ය පත්වීමක් නොලබපු වැඩ බලන විදුහල්පතිවරු පමණක් ඉන්නවා  234ක්. ඒක තමුන්නාසේලා මාධ්‍ය වලින් දකින්නට ඇති.  සුදුසුකම් බලන්නේ නැතිව තමන් වෙනුවෙන් කඩේ ගිය මිනිහට විදුහල්පති තනතුරක් දුන්නා.  ශ්‍රේනිධාරීන් ඕනා තරම් ඉන්නවා ඒ සම්බන්ධයෙන් සුදුසුකම් ලබාපු.   නමුත් තනතුරු වල ඉන්නේ  දේශපාලනය  වෙනුවෙන් කඩේ ගිය එක පමණක් සුදුසුකමක් කරගත්තු විදුහල්පතිවරු අද වයඹ පළාතේ පාසල් වල ඉන්නවා.  පාසල් අධ්‍යාපනය ගැන වෙන මොනවද කතා ?   අද පාසල් වල විදුහල්පතිවරු දරුවන්ට ගහලා  නැත්නම් දරුවන්ට  අකටයුතුකම් කරලා නැත්නම්   විදුහල්වල දරුවන් ගුරුවරුන්ට ගහලා  ඒ වගේම පාසලෙන් ගසාකාලා -මෙවැනි සංස්ාතියක් අද පාසල් අධ්‍යාපනය තුළ ගොඩනැගෙන්නේ.  පාසල් අධ්‍යාපනය මේ ප්‍රෙද්ශය තුළ නෙමේ රටේම අර්බුදයකට ලක්වෙලා.   උසස් පෙළ විභාගය කළත් සාමාන්‍ය පෙළ විභාගය කළත් දරැවෝ ඉන්නේ ගිණි ගොඩක මොකද කාගේ ප්‍රතිපළ අපේ ඇගට එයිද දන්නේ  නැහැ කියලා.  ඒ ව්‍යාකූල තත්ත්වයට දරුවෝ පත්වෙනලා -දෙමව්පියෝ පත්වෙලා. මේ තත්ත්වයට අද වයඹ පලාත පත්වෙලා කියලා සැකයෙන් තොරව අපි පිළිගන්නවා.

මේ අලි මිනිස්  ගැටුම වයඹ පළාත පමණක් නෙවෙයි. ජාතික වශයෙන් විසදිය යුතු ගැටළුවක්. මේ අලි මිනිස් ගැටුම අද ඉතා බරපතල තත්ත්වයකට පත්වෙලා.  අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් පුවත්පතක දැක්කොත් අහිංසක ගොවියෙක් මරාදාලා. අහිංසක ගොවියෙක්ගේ ගොවිතැන විනාශ වෙලා. තමන්ගේ ගොවිතැන රැකගන්න මේ ගොවීන් මොනතරම් වෙහෙසක් දරනවද මොනතරම් ආර්ථිකයක් නැතිකරගන්නව ද?  අද මේ දෙකම නැතිකරලා. රජයක් අවුරුදු 17ක් 18ක් තිස්සේ මේ  පිළිබදව මොනවද කළේ කියන කාරණව අපි ඉදිරියේ  තියෙන ගැටලුවක්.
ඉඩම් ප්‍රශනේ ගැන කතා කරද්දි අපේ ඉරුදෙණියාවේ ආව අබේසිංහ මහත්තයා කිව්වා අපි මේ ප්‍රශ්නය විසදගන්ඩ අධිකරණයට යන්ඩ බලාපොරොත්තු වෙනවා කියලා.  අධිකරණයට ගිහින් අපි මොනවද කතා කරන්නේ ? අධිකරණයක් තියෙනවද අද රටේ. අද රටේ අධිකරණ ස්වාධිනත්වයක් තිබෙනව ද ? මේ කිසිවක් අද අපේ රටේ නැහැ. අද අපි මුහුණදීලා ඉන්න ගැටළුවට විසදුමක් තිබෙන්නේ අපි ඔක්කොම එකතුවෙලා  ෙ ගමනක්  යන්ඩ ඕනා කියන කාරනාව  තුළයි. මේ රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබදව ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. මේ රජය බලයට පත්කරන්ඩ  දගලපු වෙහෙසිච්ච විශාල පිරිසක් මෙතන ඉන්නවා. ඒ පිරිස අද තෙරුම් අරන් ඉන්නවා ඒ ගමන ඇති කියලා.

අද වයඹ ප්‍රවාහන අධිතාරිය කියන්නේ තමන් වෙනුවෙන් තමන්ට වැඩකටයුතු කරගන්ඩ  -කොමිස් මුදල් හම්භකරගන්ඩ පුලුවන් ආයතනයක් පමණයි.  ඕනම කෙනෙකුට මුදල් තිබෙනවා නම් මාර්ග බලපත්‍රයක් ගත්තහැකි.  අතපිට මුද්ල් දීලා ගන්නවා  මාර්ග බලපත්‍රයක්. පුද්ගලික ප්‍රවාහනය සම්බන්ධව අද කාටත් කතා කරන්ඩ බැහැ. ඒකත් ඒකාධිකාරයක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා අද වයඹ ප්‍රවාහන අධිකාරිය කියන හොර ගුහාව  මුලු පළාතම විනාශ කරමින් පවතිනවා. අද මේ පුද්ගලික ව්‍යාපාරයක් හැටියට තිබෙන පුද්ගලික බස්සේවාව මහා විනාශයක් වූ ආයතනයක තත්ත්වයට ඇද වැටිලා තියෙනවා කියන එක සදහන් කරන්ඩ ඕනා. ඒ වගේම  මේ වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය ණය දෙනවා මිනිසුන්ට. ණය දෙන්නේ කාට ද ?? ශාඛා සමිතියේ සාමජිකයන්ට. තමන්ගේ ශාඛා සමිතියේ සාමාජිකයින්ට පමණක්  ණය දෙනවා   මානව සම්පත් සංවර්ධන අධිකාරියෙන්. මහා මිනහට කඩේ යනවා නම් මහා මිනිහා වෙනුවෙන් පෙනී සිටිනවා නම්  තමන් වෙනුවෙන් ඕනම කුප්ප වැඩක් කරනවානම් ඒ මිනිහට ණය දෙනවා  මානව සම්පත් සංවර්ධන අධිකාරිය.

අනිත් එක වයඹ පරිසර අධිකාරිය. මේ පළාත් සභාව රටේම ආදර්ශමත් පළාත් සභාවක් බවට පත්කළේ  අපේ ආණ්ඩුව යටතේ ගාමිණි ජයවික්‍රම මැතිතුමයි.  මේ අධිකාරිය තුළින්  රටේ බලය බෙදීම ගැන  පැහැදිලි නිර්වචනයක් වයඹින් ලබාදුන්නේ  මේ පළාත් සභාවෙන්. එදා අපට මහා ආදර්ශයක් මේ පළාත් සභාවෙන් දුන්නේ ගාමිණි ජයවික්‍රම මහඇමතිතුමයි. එදා පළාත් සභාවක් තිබුණා කියලා අපිට දැනුණේ හැගුණේ  ගාමිණි ජයවික්‍රම මහා ඇමතිවරයා හින්දයි.
අද පලාත් සභාවක් තිබෙනව ද කියලා මිනිස්සු අහනවා. අද මහා ඇමති කෙනෙක් ඉන්නවා ද කියලා මිනිස්සු අහනවා. මහා ඇමතිතුමා මොනවද කරන්නේ කියලා මිනිස්සු දන්නේ නෑ.   පළාත් සභාවේ බලතල පිළිබදව , පළාත් සභාවේ රාජකාරී පිලිබදව, පළාතේ ජීවත්වන ජනතාවගේ අවශ්‍යතාවයන් මොනවද කියන කාරණා පිළිබදව පැහැදිලි අවබෝධයක් නැතිව තමන්  මොනවද කරන්නේ කියලා දන්නේ නැති තත්ත්වයකට අද පළාත් සභාව පත්වෙලා. නමුත් මුද්ල හම්භ කිරීම පැත්තෙන් අංක එක බවට පත්වෙලා අපේ අතුල විජේසිංහ මහඇමතිවරයා.

මේ පළාතේ තිබෙන තැම්පාන ජලාජයේ  තිබෙන මේ ගල් කන්ද විනාශ කරලා දාලා තිබෙනවා. මම ගියා මේ ගල් කන්දට. අපි යද්දී අපිට යන්ඩ දුන්නේ නෑ. නමුත් අපි ගියා. මහා විශාල රක්ෂිතයක් සුණු විසුණු කරලා දාලා.  මේ මහා තැම්පාන ජලාශයට වතුර පෝෂකය  ලබාදෙන්නේ මේ රක්ෂිතයෙන්. පළමු වතාවට පුවත්පතක සදහන් කළා මේ විනාශය කරුණාකරලා නතර කරන්ඩ කියලා.  ඒවා අපේ තිබිච්ච තෛිහාසික වටිනාකමකින් යුත් ප්‍රෙද්ශ අද ගන්ඩ නැති දෙයක් බවට පත්කරලා.
අද වයඹ සොඛ්‍ය  ගත්තත් එහෙමයි. අද නොමිළේ දෙන නිදහස් සොඛ්‍ය සේවාවට මොකද වෙලා තියෙන්නේ. අහිංසක දුප්පත් මනුස්සයෙක්ට දොස්තර මහත්තය ාදෙන තුන්ඩු කෑල්ල අරගෙන යන්ඩ වෙලා තියෙනවා ෆාමසි වලට ,රෝහලේ ඒ බේත් ටික නෑ, ඉස්සර දරුවෙක්
ප්‍රසූත කරන අම්මා  කෙනෙක්ට ඉස්පිරිතාලේ යද්දී අරන් යන්ඩ ඕනා චූටි ගවුම් කෑලි ටිකයි යටට අන්දන නැපි ටිකයි කොට්ටටෙකුයි විතරයි. අද මොකද වෙලා තියෙන්නේ.  ඉන්ජෙක්ෂන් කට්ට ,සේලයින් බෝතලේ , පුලුන් ටික ,ගෝස් ටික  මේ සේරම ගෙනියන්ඩ ඕනා. ඕකයි අද නිදහස් සෙුඛ්‍යට වෙලා තියෙන්නේ. මුළු වයඹ තියෙන රෝහල් වලින් අල්පයක් තරම් රෝහලක විතරයි අද බෙහෙත් පෙත්තක් තියෙන්නේ. සියලූම රෝහල් අද ගන්ඩ දෙයක් නැති තත්ත්වයක් වෙලා තියෙන්නේ.
මේවට ප්‍රධාන හේතුව හොරකම වංචාව ඉහවහා ගිය ආණ්ඩුවේ ඉන්න  දූෂිතයන් නිසා. යුද්ධයක් ඉවර වෙච්ච රටක අද  ඉතුරැවන මුදල් නැවත අද ජනතාවට දෙන්ඩ බැරි තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ ආණ්ඩුවට මේ අගතීන් පාලනය කරගන්ඩ බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙන නිසයි.

අද මේ වයඹ පළාත් සභාවෙන් කොන්ත්‍රාත් ගන්න සෑම කොන්ත්‍රාත්කරුවෙක්ගෙන්ම 10% ක් මේ කොන්ත්‍රාත්කරුවෙක්ගෙන් ගන්නවා. දැන් ඒක 14 දක්වා වැඩි කරලා. එක කොන්ත්‍රාත්කාරයෙක් දැන් කියනවා විස්තර නමුත් ඒ අය දිගටම මෙහෙම පගාව දීලා දීලා දැන් හති වැටිලා. ඇමතිවරයෙක් හිතූ හිතූ ලෙස සල්ලි ඉල්ලනවා කියලා. ඇමති කෙනෙක් කොන්ත්‍රාත් ගත්ත මනුස්සයගෙන් උදේට දහාදාහක් ඉල්ලගෙන  ආයේ හවසට පහලොස්දාහක් ඉල්ලනවලු. මෙහෙමත් ගසා කෑමක් තියෙන්ඩ පුලුවන්. මේ තත්ත්වයෙන් මිදෙන්ඩ අපි ඔක්කොම එකතුවෙලා කටයුතු
කරන්ඩ ඕනා කාලය ඇවිති තිබෙනවා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here