අදත් මහ වැසි !

0
86

rain-thundershower-expected-in-several-parts-4094-415x260ඊයේ දිනයේ මිගමුව සහ අවට ප්‍රදේශවලට අකුණු සහිත මහවැසි ඇදහැලුණි.
අද(19) දිනයේද සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කා‍ලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව තවදුරටත් සදහන්ය.

සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි තවදුරටත් අවධාරණය කරතිබේ.