අදත් මිගමුවේ මාළු ලාභයි !

0
136
dav

dav

(7.00 am ) මේ දිනවල මිගමුවේ මාළු මිළ සැලකිය යුුතු අන්දමකින් පහලට බැස තිබේ. අද දිනයේත් වැඩිපුරම ඇති මාළු වර්ග බවට පත්ව තිබුනේ ලින්නා සහ බලයායි.
ලින්නා කිලෝවක් රු 200 කටත් ලොකු බලයා කිලෝවක් රු 220 කටත් අද දිනයේ මිළ නියම වි තිබේ.මේ දිනවල ඉස්සන්ගේ මිළද සැලකිය යුතු අන්දමින් පහලට බැස තිබේ.මේ අනුව ලොකු ඉස්සන් කිලෝවක් රු 800 කටත් පොඩි ඉස්සන් කිලෝවක් රු 600 කටත අද මිළට ගත හැක.
ලේනා පරව් කිලෝවක් රු 250 කටත් හුරුල්ලන් කිලෝවක් රු 200 කටත් ,සාලයා රු 120 කටත් කෙලවල්ලන් පොඩි කිලොවක් රු 300 ක පමණ මිළක පවති.
මේ අතර හොදම තත්වයේ අලගුඩුවන්ගේ මිළවන්නේ කිලෝවක් රු 200 කි .
පිටිපන ලෙල්ලට මිගමුවෙන් මෙන්ම පිට පළාත්වලින්ද මසුන් බහුලට පැමිණෙමින් තිබිම නිසා මේසේ මිළ ගණන් පහල යමින් තිබේ.