අදත් මිගමුවේ මාළු හිඟයි !මඩු රු350! හාල්මැස්සන් රු 200!

0
473

IMG_20190911_083113මීගමුවට මාළු හිඟවිම තවදුරටත් පවති.පිටපලාත් වල මාළු තොගය නොපැමිණිම මෙන්ම මිගමුව මුහුදේ තවදුරටත් වාරකන් සමය පැවැතිම මෙසේ මාළු හිඟවිමට බලපා තිබේ.පිටිපන ලෙල්⁣ලෙම් වෙනදා මෙන් විවිධ වර්ගවල මසුන් බහුල නොවිම සුලභ දසුනක් විය.එහෙත් පිටිපන ලෙල්ලම කරා තරමක් ⁣දුරට මධ්‍යම ප්‍රමාණයේ මඩු මාළුන් තොගයක් පැමිණ තිබුණි.මේ අනුව මඩු මාළු කිලෝවක මිළ රු 350ක් තරම් විය.අද පැවැති අනෙක් මසුන්ගේ මිළ ගණන් වලට සාපේක්ෂකව මසුන් ගැනිමට එන පාරිභෝගිකයන්ට එය යම් අස්වැසිල්ලක් වි තිබුණි.මේ අතර කොටුව පිට්ටනිය අසල වැල්ලේ අදත් හොද තත්වයේ හාල්මැස්සන් කිලෝවක් රු 200කට අලෙවි විය.වෙනදාටත් වඩා තරමක් ලොකු හාල්මැස්සන් අද කුඩා බෝට්ටු ධීවරයන්ගේ.දැල්වලට අසුව තිබුණි.