අදත් වැසි

0
55

maxresdefaultදිවයින ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් බවට පත් පත්ව ඇති අතර ඒ හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි සහ විටින් විට හමන තද සුළං පැ.කි.මී.60 පමණ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවත් සමහර ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මි.මී 100 වැඩි තද වැසි ද ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී.
news.lk